ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට වසර 09 කට පසු බරපතළ වැඩසහිත වසර 08ක සිර දඬුවම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ (LNW):

පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩසහිත වසර 08ක සිර දඬුවම් නියම කර තිබෙන බව වාර්තා වේ.

ඒ විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් තුළ පිහිටි කුටියක් තුළ දී එම අපයෝජනය සිදුකල බව සනාථ වීමෙන් අනතුරුවයි.

ඊට අමතරව අද (25) දින රුපියල් 10000/- ක දඩයක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කර ඇති අතර , මෙලෙස දඬුවම නියම කෙරුණේ එවකට 41 හැවිරිදි දැනට 50 හැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකුට බව වාර්තා වේ.

එකී දඩ මුදල් සහ වන්දි මුදල ගෙවීමට නොහැකි වන්නේ නම් මාස 18ක ලිහිල් සිර දඬුවම් නියම කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළ බව පැවසේ.

සිය මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටිය දී එම දරුවාට වෙසක් කූඩුව සකස් කරදෙන බව පවසා ඉතා සූක්ෂමව රවටා විත්තිකරු විසින් කුටියක් තුළ දී මෙම අපරාධය සිදුකර තිබෙන බව වාර්තා වේ.මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ,කුඩා දරුවකුට මෙවැනි අපරාධයක් කිරීම ඉතා බරපතළ වරදක් බවයි.

විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ යමක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි මහාධිකරණ විනිසුරුවරයා වින්දිත දරුවාගෙන් විමසා සිටි බවද පැවසේ.එහිදී සිය මව සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි දරුවා පැවසුවේ එම සිද්ධියට මුහුණ දිමෙන් පසු දිර්ඝ කාලයක් පාසැල් යාමට නොහැකි වූ බවයි.

දරුවකුගේ පියකු වන විත්තිකරු විශාල වයස් පරතරයක් ඇති කුඩා දරුවකුට මෙවැනි අපරාධයක් කිරීම තම අධිකරණය කිසිසේත්ම අනුමත නොකරන බවත් එබැවින් ලිහිල් දඬුවම් නියම කිරීමට හැකියාවක් නැති බව ද මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන් බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...