බොලිවුඩ් ‘හී-මෑන්’ ධර්මේන්ද්‍ර ඩියෝල් මියයයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියානු සිනමාවේ යුගයක් අවසන් කරමින් අතිශය ජනප්‍රිය බොලිවුඩ් තරුවක් සහ බොලිවුඩ් ක්‍රියාදාම වීරයෙකු වූ ‘හී-මෑන්’ හෙවත් ධර්මේන්ද්‍ර ඩියෝල් මියගොස් තිබේ.

මියයන් විට ඔහු 89වන වියේ පසු වී ඇත.

1975 බ්ලොක්බස්ටර් ෂෝලේ හි ආදරණීය සුළු අපරාධකරු වූ වීරු ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ ඔහු දශක හයක පමණ සිය චිත්‍රපට ජීවිතය පුරා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත.

බොලිවුඩයේ වඩාත්ම කඩවසම් පිරිමින් අතරින් ඉහලින්ම සිටින ධර්මේන්ද්‍රන්හට ක්ෂේත්‍රයේද විශාල පිළිගැනීමක් තිබු අතර ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් ඔහුව හඳුන්වා තිබුණේ, මම තිරයේ දුටු කඩවසම්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වශයෙනි. සුපිරි නළු සල්මන් ඛාන් ධර්මේන්ද්‍ර ලස්සනම පෙනුමක් ඇති මිනිසා බව පැවසූ අතර නිළි ජයා බච්චන් ඔහුව ග්‍රීක දෙවියෙකු ලෙස හැඳින්වීය.

ධර්මේන්ද්‍ර මුලින්ම ප්‍රසිද්ධියට පත් වූයේ 1963 දී බිමල් රෝයිගේ බන්දිනි චිත්‍රපටය සමඟින්, සිරකරුවෙකුට ආදරය කරන බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ අලංකාර නිරූපණය සඳහා ප්‍රශංසාව ලබා ගනිමිනි. ඔහු ඉක්මනින්ම ආදර වීරයෙකු බවට පත් වූ අතර, නූටන්, මීනා කුමාරි, මාලා සිංහ සහ සයිරා බානු වැනි ඉහළම නිළියන් සමඟ සාර්ථකව යුගල කළේය.

1966 දී, ඔහු ෆූල් ඕර් පත්තර් (මල් සහ පර්වතය) චිත්‍රපටයේ ඔහුගේ පළමු ක්‍රියාදාම චරිතය රඟපෑ නමුත්, ක්‍රියාදාම වීරයෙකු ලෙස ඔහුගේ කීර්තිය තහවුරු කළේ 1971 දී ජනප්‍රිය වූ මේරා ගෝන් මේරා දේශ් (මගේ ගම, මගේ රට) චිත්‍රපටයයි.

ධර්මේන්ද්‍ර කිසි විටෙකත් බොලිවුඩයේ “අංක එකේ” ස්ථානයට නොපැමිණි අතර ජනප්‍රිය නළු දිලිප් කුමාර්, රාජේෂ් ඛන්නා සහ අමිතාබ් බච්චන් වැනි සමකාලීනයන් හමුවේ පරාජයට පත් විය.

අවසානයේ 1997 දී ෆිල්ම් ෆෙයාර් හින්දි සිනමාවට ඔහු කළ දායකත්වය වෙනුවෙන් ජීවිත කාලයටම ලැබෙන සම්මානයෙන් ඔහුට ගෞරව කළ අතර 2012 දී ඉන්දියානු රජය විසින් සිවිල් වැසියන්ට පිරිනමන ලද ගෞරවණිය සම්මානයක් වූ පද්ම භූෂණ සම්මානය පිරිනමන ලදී

ධර්මේන්ද්‍ර ඩියෝල් 2004 සිට 2009 දක්වා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළ අතර ඔහු තම ජීවිතයේ අවසානය දක්වාම ඔහුගේ පුතුන් වන සනී ඩියොල් සහ බොබී ඩියොල් සමඟ රඟපාමින්, රියැලිටි වැඩසටහන් විනිශ්චය කරමින් සහ සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සම්බන්ධව සිටිනු ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොඳක් අහන්නෙම නැති ශ්‍රී ලංකා ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: ක්‍රිකට් පරිපාලනය කියන්නෙ හුඟ...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගැන කළ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2025 වසරේ ගතවූ කාලය...

හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිගු ඉතිහාසයකට...

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ජේෂ්ඨ නිලධාරියකු වූ හයිතම් අලි ටබටබායි ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 25: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය...