රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:
2025 වසරේ ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකට අධික නව බදු ගෙවන්නන් පිරිසක් ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පවසන්නේ, 18,000 කට වැඩි සමාගම් ප්‍රමාණයක් අලුතින් බදු ගෙවීම සඳහා මේ වසරේ (2025) මේ දක්වා ලියාපදිංචි කරගත් බවයි.
මෙසේ අලුතින් බදු දැලට එකතුකරන්නන් සියලු දෙනා වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව ද දැනටමත් මේ සඳහා පියවර ගෙන ඇති බව ද ඇය සඳහන් කළාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24 පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළ අතර, තනි පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 සීමාව ද, බදු ගෙවීම සඳහා ලියාපදිංචි සමාගම් ප්‍රමාණය 118,000 ද සහ වැට් බදු සඳහා ලියාපදංචි ප්‍රමාණය 30,000 ද ඉක්මවා ගොස් ඇති බවද පැවසීය.