හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දිගු ඉතිහාසයකට පසු, ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

මෙම හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීමත් සමග කිලෝ මීටර් 10කට වඩා වැඩි උසකට අළු සහ දුම විහිදී ගිය බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දුමාරය රතු මුහුද හරහා දකුණු ආසියාව දෙසට දැවැන්ත අළු වළාකුළක් ලෙස පාවී ඒමත් සමග ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, කන්නූර් සිට අබුඩාබි දක්වා පියාසර කළ ඉන්ඩිගෝ ගුවන් යානයක් අහමදාබාද් වෙත හදිසියේ ගොඩබා ඇති බවයි .

ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, යේමනය, ඕමානය, ඉන්දියාව සහ පකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල අළු සහ දුමාරය පැතිර යාම හේතුවෙන් අකාසා එයාර් කේ එල් එම් ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ නැවත හරවා යවා ඇති බවයි.

පර්‍යේෂකයින් අනුමාන කරන්නේ, ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ වසර 10,000ක පමණ කාලයකට පසුව බවටයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...