පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW:

පාසල් පැසි පන්දු පරිපාලනය සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් අඩවිය කරනු ලබන හෙළිදරව් කිරීම් සමඟ එයින් පීඩාවට පත් බොහෝ පාර්ශවයන් එයට ඇතුළත් විය යුතු තවත් තොරතුරු හෙළිදරව් කරමින් සිටියි.ඒ අනුව අදහස් දැක් වූ පාර්ශවයක් පෙන්වා දුන්නේ මෙම තරගාවලියට ක්‍රීඩාවට අනාදිමත් කාලයක සිට අනුග්‍රහය දක්වන සමාගමක් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියත්,තරගාවලිය නියෝජනය කළ පාසල්වලින් තරග බිමට පවා අය කර ගත් බවය.


“තරග පවත්වන ස්ථානයට ගෙවන්න ඕනි,විනිසුරුවන්ට වගේම ලකුණු සටහන් කරන්නන්ටත් පාසල් ගෙවන්න ඕනි.“
අනුග්‍රාහක මුදල කුමන කාරණා සඳහා යොදවා ඇද්දැයි නිශ්චිතව දක්වා නැති අතර ඔවුන් කියනාකාරයට ඉහත ගෙවීම් කර ඇත්තේ පාසල් බව අප තවත් තොරතුරු මඟින් තහවුරු කර ගත්තෙමු.


‘සල්ලි අරගෙන දැම්මෙත් හොඳ විනිසුරුවො නෙමෙයි.‘
ඔවුන් මුදල් බා ගැනීමෙන් ඉනිත්බිති නිසි පුද්ගලයන් විනිශ්චයට යොදා නොගත් බව ද පෙන්වා දෙන්නේය.මේ සඳහා අධ්‍යාපන කේෂ්ත්‍රෙය් ශාරිරික අභ්‍යාස ගුරුවරුන් මෙන්ම පාසල් සිසුන් ද යොදා ගත් බව අප ඡායාරූප සාක්ෂි ද සමඟ මීට පෙර ඉදිරිපත් කළ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැත්තෙන් බලපෑමක් වන්නට තරම් දෙයක් සිඳු නොවන්නට,ගුරුවරුන්ට විනිසුරු වේතනයක් ලැබීමද හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය.
එසේම පිළිගත් විනිසුරුවන් නොයෙදීම මෙන්ම තාක්ෂණික කමිටුව ද විශාල ලෙස ප්‍රශ්න කිරීම්වලට මුහුණ දුන් අතර මේ නිසා බාලිකා තරග නිමා කර ගන්නට ද බැරි වී ඇත්තේ විනිශ්චයේ සහ තාක්ෂණික කමිටුවල දෝශයන් නිසාය.එහෙත් පාසල් සංගමයේ සියළු කටයුතු කරන කිහිප දෙනා තාක්ෂණික කමිටු විරෝධය නොසළකා එය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අනුමත කරන ලද එකක් බව පෙන්වා දුන්න ද,අප විසින් මතු කරන ලද කරුණු සමඟ එසේ පිළිගැනීමක් සිඳු වී නැති බව ද හෙළිදරව් වෙමින් පවතින්නේය.


මේ වන විට නිලධාරියෙකුගේ සම්බන්ධයකින් ලබා ගන්නා පන්දුවක් නිල පන්දුවක් ලෙස හංවඩු ගසා එයින් ද හම්බකරන තත්ත්වයක් ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතින අතර මේ සියල්ල කෙතරම් උස් හඬින් කතා කළ ද,අධ්‍යාපන අමාත්‍යතුමිය වන හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් ද මේවා සම්බන්ධයෙන් කටයුතු සොයා බලන්නේ ඉතාමත් සෙමින්ය.මන්දෝත්සාහී ස්වරූපයෙන්ය.


සමහර පිරිස් මේ පාසල් පැසි පන්දු ව්‍යාපාරයේ අහුමුළුවල දකින්නට සිටිය ද මේ වන විට අප විසින් පෙන්වා දුන් කරුණු අනුව සිය අස්ථාන වෙනස් කරමින් සිටින බව දැන ගන්නට ඇත.එසේම මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ජාතික වශයෙන් සිඳුවෙමින් තිබෙන මේ ව්‍යසනය ගැන කරුණු දක්වන්නට,ජාතික සම්මේලනයට තිබෙන ඉඩත් වසා දමමින් කටයුතු කරන නිලධාරීන් පාසල් පැසි පන්දු සම්මේලනයට විරුද්ධ නොවිය යුතු බවත ඔවුන් හොඳින් කටයුතු කරගෙන යන බවත් කියන්නට උත්සාහ දරමින් ඇත.


‘ඒවා ඇත්තද කියලා හොයලා බලන්නම ඕනි.බෝලේ තෝරගන්න තැන ඉදලා වගේම අනුග්‍රාහක මුදල්වලට වෙන දෙන මොකද්ද කියන තැනට යනකම්ම සැකයි.ලොකු ස්කෝලවලට තරගයකට හය හත්දාහක් වියදම් කරන්න වෙන එක අර්බූදයක් නැහැ.ඒත් අලුතෙන් අමාරුවෙන් පැසි පන්දුවලින් ඉස්සරහට යන්න හදන ස්කෝලයකට එක අවුරුද්දෙන්ම මේ ක්‍රමය වියදම් කරන එක එපා කරනවා.‘
අප ඇමතූ පාසල් පුහුණුකරුවෙක් එසේ පවසමින් මෙවැනි වියදම් සහිත කාරණා උසස් පාසලකටවත් කළමණාකරණය කර ගන්න අමාරු බව ද කීවේය.ඊට හේතුව ලෙස ඔහු පැවසුවේ හෙට තියෙන්නෙ කියලා අද රෑ කිව්වම කොහොමද පාසලක් සල්ලි හොයා ගන්නෙ යනුවෙන් ද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...