යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට සෑම මිනිත්තු හතරකට වරක් රුසියානු සෙබළෙකු මිය යන බව අනාවරණය වේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25:
යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ 2022 වසරේ සිට මේ දක්වා රුසියානු හමුදා සෙබළුන් 720,000කට අධික පිරිසක් මියගොස් ඇති බව නව විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

රුසියාවේ රාජ්‍ය සංඛ්‍යාලේඛන ආයතනය වන Rosstat වෙතින් ලබාගත් රහසිගත දත්ත විශ්ලේෂණය කරමින් රුසියානු මාධ්‍ය ආයතන වන Mediazona සහ Meduza විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

එම දත්තවලට අනුව 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට රුසියානු සෙබළුන් 490,000කගේ මරණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇති අතර, මරණ ලියාපදිංචි කිරීමේ ප්‍රමාදයන් සහ අතුරුදන් වූ සෙබළුන්ගේ සංඛ්‍යාවද සැලකිල්ලට ගනිමින් සිදුකළ ගණනය කිරීම්වලදී සැබෑ මරණ සංඛ්‍යාව 720,000 ඉක්මවා ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම රහසිගත දත්ත ලබාගෙන ඇත්තේ Belarusian Cyber Partisans සහ Silent Crow යන හැකර් කණ්ඩායම් විසින් රුසියානු රාජ්‍ය සංඛ්‍යාලේඛන ආයතනයේ පරිගණක පද්ධතිවලට ප්‍රවේශ වීමෙන් පසුවය.

වාර්තා වන පරිදි, අතුරුදන් වූ සෙබළුන් සම්බන්ධයෙන් පවුල්වල සාමාජිකයන් විසින් පළකරන ලද සෙවීම් දැන්වීම් සහ මරණ ලියාපදිංචි කිරීමේ දත්ත අතර පවතින වෙනස්කම්ද මෙම ඇස්තමේන්තුව සඳහා යොදාගෙන තිබේ.

මෙම මරණ සංඛ්‍යාව 1980 දශකයේ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ සිදුකළ යුද්ධයේදී මියගිය පිරිසට මෙන්ම 1990 සහ 2000 දශකවල චෙච්නියා යුද්ධ දෙකේදී මියගිය පිරිසටද වඩා ඉහළ අගයක් ගන්නා බව වාර්තා වේ.

තවද, යුද්ධයේ බලපෑම රුසියාවේ සියලුම ප්‍රදේශවලට එකසේ බලපා නොමැති බවද විමර්ශනය පෙන්වා දෙයි. විශේෂයෙන් ආර්ථික වශයෙන් දුර්වල ප්‍රදේශ සහ ජනවාර්ගික සුළුතර ප්‍රජාවන් අතර හමුදා මරණ අනුපාතය ඉහළ මට්ටමක පවතින බව සඳහන් වේ.

මේ අතර, යුක්රේනය ද යුද්ධය හේතුවෙන් සැලකිය යුතු හමුදා හානිවලට මුහුණ දී ඇති අතර, දෙපාර්ශ්වයේම මරණ හා තුවාල ලැබූවන් පිළිබඳ සම්පූර්ණ නිල සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ කර නොමැත.

කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන ස්වාධීනව තහවුරු කිරීමට නොහැකි බව CNN පුවත් සේවයද සඳහන් කරන අතර එබැවින් 720,000 ඉක්මවන මරණ සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කළ අගයක් නොව, රහසිගත දත්ත පදනම් කරගනිමින් සිදුකළ ඇස්තමේන්තුවක් ලෙස සැලකිය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 25) දිනයේදී උතුරු, උතුරු...

ජනාධිපතිතුමනි, ළඟ නොබලන්න… දුර බලන්න…

ජනාධිපතිතුමනි, සුබ උපන්දිනයක් ... එහෙම කිව්වට ඇත්තටම මේ මොහොතේ ඔබතුමාට...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25: වසර දෙකකට වැඩි...

අපේ රටේ අධ්‍යාපනය ලැබූ තරුණ පිරිසෙන් 43%කට රැකියා නැහැ. මේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා – GL

ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුව එන්න එන්නම උඝ්ර වෙමින්...