සටහන – රුවන් නෙළුගොල්ල
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීමේ තීන්දුව අද (25) පෙරවරුවේ ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව,
පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක්
දෙවැනි චෝදනාවට රුපියල් 100,000 දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමටත්
තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක්
වශයෙන් දඬුවම් නියම කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුවට අදාළව මෝටර් රථ පනත යටතේ වූ චෝදනා තුනකට ජොන්ස්ටන් ප්‍රනාන්දු වරද පිළිගත්තේ පසුගිය ඔක්තෝබර් 27 වනදා ය. නොවැම්බර් 11 වනදා ඔහුට මේ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට නියමිතව තිබූ නමුත් එය අද දිනය දක්වා කල්ගොස් තිබිණි.


