රටක ආර්ථික සමෘද්ධිය තීරණය වන්නේ රජය සතු සම්පත් ප්‍රමාණය මත නොව රටවැසියන් සතු සම්පත් ප්‍රමාණය මතයි. රජයට දේපල තිබී රට වැසියන් දිළිඳු නම් එයින් රටවැසියාට ඵලක් නැත. ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායයන්හි ප්‍රතිලාභ භුක්ති විඳින්නේ ඒවායෙහි සේවය කරන සේවකයන් සහ ඒවාට සම්බන්ධ බලයේ සිටින අනෙකුත් අයයි. රාජ්‍ය අංශයේ කටයුතු වලට මහජනතාවට ඇඟිලි ගැසිය නොහැක. එය රාජ්‍ය සතු දේපල වන බැවින්ය. එහෙත් ඒවා පාඩු ලබන විට එහි බර දැරීමට සිදුවන්නේ සමස්ත ජනතාවටය.
එම ආයතන වලින් ජනතාවගේ අත්‍යාවශ්‍ය පහසුකම් ගුණාත්මක හා පෞද්ගලික අංශයේ පවතිනවාට වඩා රාජ්‍ය අංශයේ පැවතීම ජනතාව පැත්තෙන් වාසි දායකනම් ඒවා රජය යටතේ පැවතිය යුතුය. උදාහරණයක් ලෙස දිළිඳු ජනතාවට ආහාර, අධ්‍යාපනය , සෞඛ්‍ය පහසුකම් සැලසීම රජය විසින් කල යුතුය. හේතුව එය සමස්ථ ජාතියේ උන්නතිය පිණිස වන බැවිණි. එහෙත් එම පහසුකම් සමස්ත ජනතාවටම සැපයීම තුලින් අවස්ථාවන් අහිමි වන්නේ ඉහත කී දිළිඳු ජනතාවටය.
ලාභ ලබන ආයතන පෞද්ගලික අංශය යටතේ පවත්වාගෙන යාමේදී ඔවුන් උපයන ආදායමෙන් විශාල කොටසක් රජය බදු වශයෙන් උපයා ගනී. එමෙන්ම යම් ආයතනයක කොටස් වලිනි 49% ක් රජය සතු නම් ඒ හා සමාන ප්‍රතිශතයකින් කිසිදු අපහසුවකින් තොරව ලාභාංශ ලෙස රජයට ලැබේ. එහිදී සියලු කළමණාකරණ කටයුතු සිදු කරන්නේ පෞද්ගලික අංශය මගින් දේශපාලකයාට ඇගිලි ගැසීමට නොහැකිය.
ජනතාව සිතිය යුත්තේ රාජ්‍ය ව්‍යවසාය තුලින් සමස්තයක් වශයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභයන්ය. තමන් පෞද්ගලිකව යෙදවීමෙන් ලැබෙන ප්‍රතිලාභ තමාටම වන අතර පෞද්ගලික අංශය ප්‍රසාරණය වීමෙන් ආර්ථික වශයෙන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි වන බව රජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කාහට වුවද පහසුවෙන් වටහා ගත හැකිය.
රෂිකා හෙන්නායක
2022.11.25