*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/25

1. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7කට මුදල් අර්බුදයේ ඉහළ අවදානමක් ඇති බව ජපාන ආයෝජන බැංකුවක් වන Nomura අනතුරු අඟවයි!
Nomura හි ඇස්තමේන්තු වලට අනුව ශ්‍රී ලංකාව ලකුණු 138 ලබාගෙන ඇති අතර එම ලකුණු අගය 100 ට වැඩි අගයක් සඳහා ඉදිරි මාස 12 තුළ මුදල් අර්බුදයක් ඇතිවීමේ සම්භාවිතාව 64% ක් බවත් දක්වයි.

2. ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි – තමන් එම අඩිපාරේ යන බව ද පවසයි.

3. පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ එක් අයෙකුට දිනකට ඇමරිකානු ඩොලර් 800 බැගින් ගෙවා ඇති බව, අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුවට දන්වයි!

4. ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 ක් සහ සේවා වලින් ඩොලර් මිලියන 251 ක් පමණ ලැබෙන බව මහ බැංකුවෙන් ප්‍රකාශයක්!
වර්තමානය වන විට බලධාරීන් විසින් ප්‍රතිපත්ති සම්පාදනය ඔස්සේ විදේශ විනිමය ඉපැයීම් පාලනය කිරීමකට ලක් කරන බව ද පවසයි: සම්පූර්ණ විදේශ විනිමය ප්‍රමාණය පරිවර්තනය නොවීම පිළිබඳව ද කනස්සල්ල පළ කර සිටී.

5. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි – දෙසැම්බර් වන විට වැඩපිළිවෙල අවසන් කිරීමේ ඉලක්කය සපුරා ගත නොහැකි බව පිළිගනී:
2023 ජනවාරි වන විට ශ්‍රී ලංකාව සිය ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය වෙත ගෙන යාමට නියත වශයෙන්ම සූදානම් බව පවසයි.

6. මහ බැංකුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය(SDFR) සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය(SLFR) වර්තමානයේ පවති​න මට්ටමින්ම පවත්වාගෙන යනු ලැබේ!
නිල දළ සංචිතය 2022 ඔක්තෝබර් අවසානයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
“මුදල් මුද්‍රණය” විශාල ලෙස අඩු වී ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසුව ද දත්ත පෙන්නුම් කරන්නේ ඔහුගේ පාලන කාලය තුළ රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම් රුපියල් බිලියන 800කට වැඩි ප්‍රමාණයකින් වැඩි වී ඇති බවයි.

7. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික සම්බන්ධීකාරක Hanna Singer-Hamdy, ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෑතදී විපක්ෂයේ විරෝධතා පාලනය කළ ආකාරය පිළිබඳ සතුටු වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරයි.

8. 2022 නොවැම්බර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග කොටස් ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් රජයෙන් ගැසට් නිවේදනයක්!

9. මහ බැංකුවෙන් රුපියල් 400,000 ක වැටුපක් සහ විශ්‍රාම වැටුපක් ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පිළිගනී!
නන්දලාල් වීරසිංහ සෑම මසකම 10 වැනිදා රුපියල් 921,000 ක විශ්‍රාම වැටුපක් සහ 25 වන දින රුපියල් 400,000 හා දීමනා ලෙස 73,000 ක වැටුපක් ලබන බව මහබැංකු ආරංචි මාර්ග පවසයි.
මහ බැංකුවේ නිලධාරියකුට එකවර වැටුපක් සහ විශ්‍රාම වැටුපක් ලැබෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි!

10. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි පිතිකරු භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්ථානයෙහි ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වන බව කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan