ලෝක කුසලාන තේරීම්වලට අමාත්‍යංශය බලපෑම් කරලා

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධ තොරුතරු සනාත කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් යොමු කරන ලිපියක් ද,ක්‍රිකට් ආයතනය ලෝක කුසලානය සඳහා පළමුවරට නම් කර අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරන ලද කණ්ඩායමේ නාම ලේඛණයද මාධ්‍යය වෙත යොමුු කරන්නට කටයුතු කර ඇත.

ලංකාවේ ක්‍රීඩා පණතේ ඇති නීතිය ප්‍රකාරව අදාළ ක්‍රීඩා සංගමයට සහ එම තේරීම් කමිටුවට ජාත්‍යන්තර තරගයකට සහභාගි වන කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉඩක් නැති අතර තෝරන කණ්ඩායම පමණක් නොව තේරීම් කමිටුව ලෙස සළකන්නේ ද අමාත්‍යවරයා අනුමත කරන පිරිසක්ය.ලෝකයේ බොහෝ රටවල සෑම ක්‍රීඩාවක් සම්බන්ධයෙන්ම පාහේ මෙවැනි දේශපාලන බලධාරියාගේ මැදිහත්වීමක් තේරීම් සම්බන්ධයෙන් නැති අතර මෙවැනි තත්ත්වයන් ජාත්‍යන්තර ඉදිරියේ ප්‍රශ්නකාරිවීම ගැන දේශපාලන බලධාරින්ගේ අවධානයට,ක්‍රීඩා පණත සංශෝධනයේදී යොදා ගන්නේ ද නැත.
එසේම යෝජනා වී ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාවේ ප්‍රාදේශීය නියෝජනය යන්න ද ගැටළුකාරී තත්ත්වයකට යා හැකි අතර පවතින තත්ත්වය හමුවේද දිස්ත්‍රික් සහ පළාත් සංගම් බොහෝමයක ක්‍රිකට් සංගම්වල සභාපති ධූර දරන්නේ දේශපාලකයන්ය.එහිදී පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම වැනි කාරණා සළකා බැලීමක් කළ නොහැකිය.

අර්ජුන රණතුංග ඊයේ සිවිල් සංවිධාන කිහිපයක් සමඟ පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවකදි ශම්මි සිල්වාගේ ජනප්‍රියත්වය ප්‍රශ්න කර සිටියේ තමන්ව ලෝකයම දන්නා බව පෙන්වා දෙමින්ය.අර්ජුන රණතුංග නායකත්වය දරමින් ලෝක කුසලානය දිනන මොහොතේ මෙරට තිබුණ ක්‍රිකට් පරිපාලනය දැවන්තම වෙනස ඇති කළ පරිපාලනය වන අතර එහි සභාපතිවරයාව සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධකමක් ඇත්තේම නැති ආනා පුංචිහේවාය.නමුත් ලෝක කුසලානය දිනා සුළු කාලයකින් ආනා පුංචිහේවාට පමණක් නොව කණ්ඩායම පුහුණුකළ ඩේව් වට්මෝර්ට ද සිය වගකීම් අතහැර යන්නට සිදු විය.


ඉනික්බිති උදා වූ සමයේ 96 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව 99 දී පරාජය වූයේ මෙවර ආකාරයෙන්මය.එදා ඉන්දියාව ඉදිරියේ මෙතරම් අඩු ලකුණු ගණනකට දැවී නොගියද එම කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම මෙවර රැස් කළ ලකුණු ප්‍රමාණයට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරන්නටද සමත් විය.නායකයාව සිටියේ අර්ජුනමය.ඊට අමතරව ඔහුගේ සහෝදරයන් වන ධම්මික රණතුංග විධායක නිලධාරියා ලෙසත්,වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග උප සභාපතිවරයා ලෙසත් ක්‍රිකට් සමඟ සම්බන්ධව සිටියහ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් යොමු කරන ලද ලිපිය මෙන්ම ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වනිඳු හසරංග,ඩිල්ශාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර සම්බන්ධයෙන් තේරීමේදී අනුගමනය කළ යුතු කාරණා ගැන දන්වා යැවූ ලිපියද මේ සමඟ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...

ඇන්ජි නෙමෙයි හිස් තැන මිලාන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජුනි 23, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...