*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW :

? පාර්ලිමේන්තුවේ බොරු විවාද හරහා රනිල් සජිත් දීගයක්……??

? අප්‍රේල් සිට වැඩිවන පඩියෙන් භාගයක් ජනවාරි වල….??

? මහින්දට සප්‍රයිස් දෙන්න මාලේ සිට ආ අමුත්තා…..??

? මුහුණට මුහුණ හමුවූ ඇමති රොෂාන් හා සාගල මරාගත්තාද….??

? මහවැලි ඉඩම් බෙදීම හා නිවාස පැවරීමත් සාගල අතට….??

? රොෂාන් සුසිල් වගේම ෂම්මිට ත් ස්වීප් ඇදෙන ලකුණු….??

? එස්. බී. ගෙ පාරෙන් ඔමරේ කැරකේද..??

කෑම බීම නිදාගැනීම අත්‍යවශ්‍ය මිනිස් අවශ්‍යතා වුවද, රනිල්ට රට යාමද එවැනිම අවශ්‍යතාවකි. මෙදා ඔහු පයින් යන දුරක පිහිටි මාලේ ගියේ එහි ජනපතිගේ දිව්රුමට ය. යළි කොළඔට පා තැබූ විටම මහින්ද රාජපක්ෂට ඇමතුමක් ගෙන උපන්දින සුබ පැතුමක් කළේය. ඒ සමඟම නාමල් ගෙන්ද ඇමතුමක් ආවේය.

“සර්. තාත්තගෙ උපන්දිනේට සප්රයිස් එකක් දෙන්න යනවා. පුළුවනි නම් එන්න” ඔහු කීය. ගෙදරයාම වෙනුවට රනිල් මහින්දගේ නිවසට ගියේ එහෙමය. රාජපක්ෂලා මැද රනිල් සිටියදී කේක් ගෙඩිය  ගෙනාවේ මහින්දද පුදුම කරමිනි.

“එයාපෝට් එකේ ඉදල එන ගමන්….” යයි කී රනිල් එතනින් ගියේය.

ජනපති පසුදා පාර්ලිමේන්තු ගියේ අයවැයට පළිහ ඇල්ලීමටය. චීන ජනපතිගේ නියෝජිතවරියද ඔහු හමුවූවාය. අයවැය විවාදය ඇල්මැරුණ නිසා ඔහු එජාප කළමනාකරණ කමිටුවට ගියේය.

 “දිස්ත්‍රික් රැළි පවත්වනවා. ආසන මට්ටමිනුත් මෙහෙයුමක් සූදානම්” රංගේ කීය.

 “මහවැලි ඉඩම් බෙදීමයි නිවාස වල අයිතිය දීමටයි වැඩ පිළිවෙලක් හදන්න” සාගල ට පැවරින.

 සාගල ජනපති ලේකම් කාර්යාලයට යනවිට සමන් ඒකනායක ගේ කාමරයේ සිට ඇමති රොෂාන් එළියට බැස්සේ සාගල මුහුණටම හමුවන ලෙසය.

“ආ ඇමතිතුමා කොහොමද”සාගල ඇසුවේය.

“හොඳයි.හොඳයි” කියා ඇමති ෂේප් එකේ යන්නට ගියා මිසක දුරදිග ගිය කතාවකට පසුබිම සැකසුණේ නැත.

බදාදා පාර්ලිමේන්තු ගිය රනිල් ක්‍රිකට් ගැන සිය ස්ථාවරය කීය. ව්‍යවස්ථාදායක සභාව ජනපතිට නිසි සහාය නොදෙයි නම් මූලික අයිතිවාසිකම් නඩු වලට මුහුණදීමේ අවධානමක් එම සාමාජිකයන්ට තිබෙන බව තේරුම් කළේය. එය කපටි නරියාගේ තර්ජණයක් ද ඇඹරූ හීන් නූලක්දැයි පැහැදිලි නැත.

 “මම කවුරුත් රකින්නෙ නෑ.ක්‍රිකට් අයට චෝදනා තියෙනවා. නව නීති ගේනවා” රනිල්  ෂම්මිට වෙන්න යනදේ නොකියා කීවේය..

     ජනපති ගේ කතාවට  සජිත් පිළිතුරු දෙමින් “යන්න එපා.අනේ මගේ කතාව අහන්න” ටෝන් එකෙන් උත්තර බැන්ඳේය. එය “කෙටි කතාවක් නෙවෙයි දිගට ඇදෙන මෙගා නාට්‍යයක්” යයි කී ජනපති නැගිට කාමරයට ගියේය. එහෙත් එය දෙදෙනාගේ ඩීල් එකක ආරම්භක අවස්ථාවදැයි අහන අයත් එමටය.

“අයවැය දෙවනවර ඡන්දයේදී විපක්ෂයේ අයත් ඡන්ද දීල තියෙනවා. විපක්ෂය ක්‍රිකට්, කෝප්, රට බංකොලොත් බව කී නඩු තීන්දු ගැනම කතා කළේ අයවැයට ගහන්න කරුණු නැති නිසයි” මහාචාර්ය ආශු මාරසිංහ ගේ තර්කය ජනපති ද අනුමත කළේය.

ඇමති රොෂාන් කලබල වුණා. විපක්ෂයේ හා ක්‍රිකට් ලෙජන්ඩ් ගෙ නොමග යැවීමුත් තිබුණා. රොෂාන් ට සජබ නියෝජ්‍ය නායකකම ගැන පත්තු වුණාම ඇතුලෙ අය ඒකට දැඩි විරෝදයක් දානවලු” ආශු තවදුරටත් කීවේය.

  “19 න් පහළ ලෝක කුසලානය අහිමිවීම ලොකු පාඩුවක්. ටුවරිසම් වලටත් බලපානවා.ජගත් පුනාන්දු වාර්තාව අනුව ක්‍රීඩා පනත සාගල ල හදනවා. චිත්‍රසිරි වාර්තාව අනුව ක්‍රිකට් වලට විසදුම දෙනවා. ඔක්කොටම කළින් තහනම ඉවත් කරගන්න ඹ්න” රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

අර්ජුන රණතුංග කියා තිබුණේ ඉන්දියාවේ ජේ ෂා ලංකාවේ ක්‍රිකට් හසුරවන බවය.රනිල් ඉන්දියානු ක්‍රිකට් බලවතා වූ ෂා ට කතාකොට ඒ ගැන කනගාටුව පළ කළේය. කපටි නරියා එම එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකු දඩයම් කල බව දන්නෝ දනිති.ක්‍රිකට් තහනම ඉවත් කරගැනීම ඉන්දීය ක්‍රිකට් සහාය  ගැනීම මෝදි ගේ හොදහිත දිනාගැනීම ඇතුළු තුරුම්බු රැසක් එහි තිබිය හැකිය.

ක්‍රිකට් සුද්ද කල යුතු බව හා සූදු මාපිfයාවෙන් ක්‍රිකට් බේරාගැනීම ගැන හඬ නැගූ ආණ්ඩුකාර නවීන් දිසානායක ශ්‍රවණාබාධිත ශූරතාවට යන ලංකා පිළට පහසුකම් සැපයීය. 2018 දී ලංකාව එම ශූරතාව දිනුවේ ද නවීන්ගේ සභාපතීත්වයෙනි.

ක්‍රිකට් ගැටුමේ තවත් චරිතයක් වූ සුදත් චන්ද්‍රසේකර ද පතුරු යන්නම දුන්නේය. “රට ආර්ථික අර්බුදයෙන් ගොඩ එ්මට කැපවෙද්දී ඇමති හා සජිත් ක්‍රිකට් වලිගයක් අල්ලාගෙන දඟලනවා” සුදත් කණ පැලෙන ප්‍රහාරයක් දී තිබිණ.

 මුදල් නිලධාරීන් හා සමන් ඒකනායක සමග කතාකොට අයවැයේදී වැඩිකල දීමනාවෙන් රු 5000 ක් ජනවාරි සිට ලබාදීමේ හැකියාව ගැන ජනපති සොයා බැලුවේය.

 “ඒක කල හැකියි” සමන් හා ආශු මාරසිංහ මෙන්ම මුදල් නි: ඇමති දෙදෙනා ද කීවේ මුල්‍ය  සමාලෝචනයකින් පසුවය.

 “අධ්‍යාපනය කැලේ පාරෙ යන්නෙ. ඇමති සුසිල් මන්ත්‍රීල ගණන් ගන්නෙම නෑ. ලගදී පසුපෙළ එකෙක් ඇමතිට ගහන්නත් පැන්නා” ජනපති වටකරගත් පිරිසක් කේළාම් තොගයක් දෙසා බෑවේය. අධ්‍යාපන ඔළු මාරුවක් සැකසෙන බවට එය ඉගියක් දැයි බොහෝ දෙනා කතා කරති.

“ක්‍රීඩායි අධ්‍යාපනයි ගැටගහල දුන්නොත් ක්ෂණිකව ගොඩදානවා” එස්. බී. ගේ හුක් පහර පවතින පසුබිමට ගැලපේද නැද්දැයි ලගදීම එළිවනු ඇත.

 ඇමෙරිකාවේ වෙසෙන එරට හා සෙසු රටවල විද්වතුන්ගෙන් සමන්විත වොෂින්ටන් DC  හි යුනිවර්සිටි ක්ලබ් හි විශේෂ ආරාධනයෙන් තානාපති මහින්ද සමරසිංහ දේශනයක් කළේය.ලංකාවේ වත්මන් පසුබිම, අභියෝග හා අනාගත අවස්ථා ගැන ඔහු කල පැහැදිලි කිරීම හා යොමුවූ ප්‍රශ්න වලට දුන් පිළිතුරු වලට දැඩි ප්‍රසාදය පළවිය.

බ්‍රිතාන්‍ය හිටපු මන්ත්‍රීනි ඌනා මැක්ඩොනල්ඩ් කීවේ ලංකාව ගැන පිළිගත හැකි අර්ථ කථන සපයන  තානාපති මහින්ද ලොවපුරා විවිධ ක්ෂ්‍රේත්‍ර වල අත්දැකීම් සම්භාරයක් සහිත සුවිශේෂී ලාංකිකයෙකු බවය.

ලන්ඩන් මහකොමසාරිස්ධුරයට ගිය රෝහිත බෝගොල්ලාගම පිළිගත්තේ පොදු රාජ්‍ය මණ්ඩල විශේෂ නියෝජිතවරියක විසිනි. 20 දා රාජකාරි අරඹා “රට ගොඩනැගීමේ වගකීමට දායකවීම සියලු දෙනා කරට ගතයුතු” බව ඔහු කීය. ලන්ඩන් විහාරයේ ආගමික කටයුතු වලට ඔහු එක්වූයේ අනතුරුවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan