ජනපතිගේ වැරදි ප්‍රකාශ කිහිපයක් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

Date:

කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා සභාවේ නොසිටිය අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ කරුණු තුළ රටට වැරදි පණිවිඩයක් යා හැකි බැවින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවසන් පත් කිරීම සිදු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයාට පවා චෝදනා කරමින් කතා කළ බවත් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවා ඇත්ද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) වගන්තියේ එම පත් කිරිම සිදුවිය යුතු ආකාරය හරියට සඳහන්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම පත්කිරිමට ආණ්ඩු පාර්ශ්වයේ මෙන්ම විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වය සම්බන්ධ නොවී සෙසු පක්ෂ විසින් එම පත් කිරීම සිදු කළ යුතු බවත් ටී. එන්. ඒ. පක්ෂය විසින් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ බවත් තමා අද අවස්ථා ගණනාවක දී එම පත්කිරීම නොකරන්නේ ඇයිද කියා විමසා ඇති බවත් එම නිසා එම අවසාන පත් කිරීමේ වගකීම විපක්ෂ නායකවරයා සතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නොමැති අවස්ථාවක ව්‍යවස්ථා සභාවට විරුද්ධව තේරීම් කාරක සභාවක් යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවත් විධායකයේ බලතල යම් මට්ටමකින් අඩු කිරීම සඳහා සංවරණ සහ තුලනයක් ලෙස ව්‍යවස්ථා සභාව ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලපෑමක් සිදුකළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියතීයේ (24) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ වැරදි ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදු කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...