විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් 148 ක්ම සාධනීය මට්ටමක නෑ !

Date:

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය වී තිබේ.

ඒ, ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) රැස් වූ අවස්ථාවේදීය.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා විදේශ ණය සහ ප්‍රදාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක සභාව පැවසීය.

මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරකසභාව පෙන්වා දෙන ලදී. අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතනමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්‍ෂණ ඒකකවල දුර්වලතාවයන් මේ සඳහා හේතු වී ඇති බව කරකසභාව මෙහිදී අවධාරණය කර ඇත.

මෙහිදී, මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත කාරකසභාව වෙත ලබා දෙන ලෙස නිලධාරීන් හට කාරක සභාව විසින් උපදෙස් ලබා දෙමින් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමති ලබා දෙන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...