විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් 148 ක්ම සාධනීය මට්ටමක නෑ !

Date:

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය වී තිබේ.

ඒ, ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) රැස් වූ අවස්ථාවේදීය.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතන වලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා විදේශ ණය සහ ප්‍රදාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක සභාව පැවසීය.

මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය සිඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරකසභාව පෙන්වා දෙන ලදී. අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතනමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්‍ෂණ ඒකකවල දුර්වලතාවයන් මේ සඳහා හේතු වී ඇති බව කරකසභාව මෙහිදී අවධාරණය කර ඇත.

මෙහිදී, මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත කාරකසභාව වෙත ලබා දෙන ලෙස නිලධාරීන් හට කාරක සභාව විසින් උපදෙස් ලබා දෙමින් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමති ලබා දෙන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...