VAT බදු වැඩිකිරීමේදී ඩීසල් හා භූමිතෙල් සඳහා බලපෑමක් නෑ

Date:

යෝජිත එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා වැඩ්කිරීම ඉන්ධන සඳහා අදාළ වන නමුත් ඩීසල් සහ භූමිතෙල් සඳහා එයින් බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

වැට් බදු වැඩිකිරීමට අදාළ යෝජනාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන් කළ අමාත්‍යවරයා කෙසේවෙතත් ඉන්ධන මත දැනටමත් අය කෙරෙන අනෙකුත් බදු වර්ග කිහිපයක් තුලනය කරමින් ඩීසල් හා භූමිතෙල් මිලට වැට් බදු වැඩිවීමෙහි බලපෑමක් නොවන ආකාරයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේද අවධානය යොමුව ඇති බවයි සඳහන් කළේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...