VAT බදු වැඩිකිරීමේදී ඩීසල් හා භූමිතෙල් සඳහා බලපෑමක් නෑ

Date:

යෝජිත එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා වැඩ්කිරීම ඉන්ධන සඳහා අදාළ වන නමුත් ඩීසල් සහ භූමිතෙල් සඳහා එයින් බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

වැට් බදු වැඩිකිරීමට අදාළ යෝජනාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන් කළ අමාත්‍යවරයා කෙසේවෙතත් ඉන්ධන මත දැනටමත් අය කෙරෙන අනෙකුත් බදු වර්ග කිහිපයක් තුලනය කරමින් ඩීසල් හා භූමිතෙල් මිලට වැට් බදු වැඩිවීමෙහි බලපෑමක් නොවන ආකාරයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේද අවධානය යොමුව ඇති බවයි සඳහන් කළේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...