කෝටි 05කට අධික මුදලක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොළිස් දැලේ!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බණ්ඩාරගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් කෝටි 05කට අධික මුදලක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේවන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර , බැංකු ගිණුම් භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් හුවමාරු කරගැනීම සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරනු ලබන වෙනත් ගනුදෙනු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇත.

එහිදී, බණ්ඩාරගම ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට ආසාමාන්‍ය ලෙස මුදල් බැර වන බවත්, එම මුදල් කඩිනමින් විවිධ ප්‍රදේශවල ඇති ඒ.ටි.එම් යන්ත්‍ර මඟින් ලබාගන්නා බවටත් තොරතුරු වාර්තා වී ඇති අතර, අදාළ ගිණුම් හිමියා පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ ලිපිනයක් භාවිත කරමින් මෙම ගිණුම විවෘත කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

පසුව මුදල් ලබාගැනීමට පැමිණි බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් වෙත පැමිණි අවස්ථාවේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර, එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු ගේ නිවසේ තිබී රුපියල් පන්කෝටි එකොලොස් ලක්ෂ දොළොස් දහස් නවසියයක මුදලක් සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියා සිටී.

සොයා ගත් එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයා ගේ බවට අනාවරණය වී ඇති අතර, ඊට අනුබල දුන් ප්‍රධාන ජාවාරම්කරු ගේ මව ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරු සහ සැකකාරිය පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

ඉන්දුනීසියාවේ අපිරිසිදු වාතය හේතුවෙන් අසල්වැසි රටවල් පීඩාවට — සිංගප්පූරුව නීතිමය පියවර ගන්නා බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඉන්දුනීසියාවේ...