*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

නැවතත් පොලිස්පති පුටුව හිස් ?

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට ශ්‍රී ලංකා පොලිසිය පවතින්නේ පොලිස්පතිවරයෙකු නොමැතිවය. මන්ද, පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ හතරවන සේවා දිගුව ද ඊයේ(24) දිනයෙන් අවසන් වීම හේතුවෙනි.

ඊළඟ පොලිස්පතිවරයා කවුරුන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති අතර, ඔහු විශ්‍රාම ගිය ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට නොහැකි වීම නිසා පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයේය.

ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය. එම අවස්ථාවේ දී ද පොලිස්පති ධුරය සඳහා කිසිවෙකුත් පත් නොකළේ ඒ සඳහා පැවති තරගය නිසා බවටද අදහස් පැතිර තිබිණි.

ඉන් අනතුරුව ඔහු ට යළි මාස තුනකට සේවා දිගුවක් ලබා දුන් අතර, එම දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් මස 09 වනදා අවසන් විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුවත් නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට අපොහොසත් වීම නිසා C.D වික්‍රමරත්න මහතාට එදින සිට යළි සති තුනක සේවා දිගුවක් ලබා දි ඇත. ඒ අනුව එම සේවා දිගුව නොවැම්බර් මස 02වන දින අවසන් වූ අතර ඉන් පසුව ද නව පොලිස්පතිවරයෙක් පත් කර ගැනීම ට බලධාරීන් සමත් නොවීය.

අනතුරුව නොවැම්බර් මස 03වන දින සිට යළි සති තුනක සේවා දිගුවක් ඔහුට ලබා දුන්නේය. නමුත් , ව්‍යවස්ථාදයක් සභාවේ කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මෙම අර්බුදය ඇති වී තිබෙන බව , පසුගියදා පොලිස්පතිපති කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan