ඊශ්‍රායලයට යවන ශ්‍රමිකයින් අනාරක්ෂිත නෑ , බොරු තොරතුරු ගැන කණගාටුයි – මනූෂ කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ, මෙරටින් ඊශ්‍රායලයට යවන ශ්‍රමිකයින්ට කිසිදු යුධ පුහුණුවක් ලබා නොදෙන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊශ්‍රායලයට මෙරටින් යවන ශ්‍රමිකයින්ට යුධ පුහුණුව ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍යවරයා පැවසුවේ, එමෙන්ම කෘෂිකර්මාන්තය සඳහා යොමු කරන පිරිස් ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශවලට යොමු නොකරන අතර, ඊශ්‍රායලයේ ආරක්ෂා සහිත අනෙකුත් ප්‍රදේශවල රැකියා අවස්ථා ලබා දෙන බවයි.

ජාතිවාදී ප්‍රකාශ කරමින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට උත්සාහ කර නොගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ,

අපේ විදෙස් ප්‍රතිපත්තිය අනුව අපි නොබැදි රටක්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට අපි විරුද්ධයි. අපි සාමය වෙනුවෙන් පෙනී සිටින රටක්. එක්සත් ජාතික මහා මණ්ඩලයේදිත් අපි සාමය වෙනුවෙන් අපේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අරාබිකරයට අපේ ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් යනවා. එම නිසා මෙරටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. හෙට දවසෙදිත් යම් රාජ්‍යයක් අපෙන් ශ්‍රමිකයින් ඉල්ලුවොත් , දේශපාලන, ආගමික හෝ ජාතිවාදී මතිමතාන්තර හිතට අරන් මෙම කටයුත්ත නතර කරන්න බැහැ. අපි දීඝ කාලයක් තිස්සේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවනවා. හමාස් සංව්ධානයට වගේම ගාසා තීරයට පහර දෙද්දිත් ඒ සම්බන්ධව අපි අපේ විරෝධය සහ කණගාටුව පළ කර තිබෙනවා.

අපි ගාසා තීරයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නතර කළා, ආරක්ෂාව තහවුරු වෙන තෙක්. ගාසා තීරයේ පලස්තීනුවන් සතු ඉඩම් වලට අපේ ශ්‍රමිකයින් යොමු කරන් නැහැ. කිසිදු යුධ පුහුණුවක් එම ශ්‍රමිකයින්ට ලබා දී නැහැ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...