සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වඩුක්කොඩෙයි පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 04දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් මස 04 වනදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බව සඳහන් වේ.
කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 11 වනදා වඩුක්කොඩෙයි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණු අතර, 26 හැවිරිදි එම සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබු අතර බන්ධනාගාරගත කිරීමෙන් පසු හදිසියේ රෝගීවු සැකකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.
අදාළ සැකකරුගේ ශරීරයේ වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිරවීම මරණයට හේතුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව මඟින් අනාවරණය කර ඇති අතර , එහිදී යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
