කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇති බවත්, ඊට සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මුලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, පසුගියදා පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මීට පෙර පැවති කෝප් කමිටු සභාවාරයකදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, සභාපතිවරයා හස්ථ සංඥා මගින් ඇතැම් කරුණු ප්‍රකාශ කිරීම නතර කිරීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...