ට්‍රම්ප්ට එරෙහි ජැක් ස්මිත්ගේ නඩුව නිෂ්ප්‍රභා කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කිරීම හා රහසිගත ලේඛන අනිසි ලෙස ගබඩා කිරීම යන චෝදනාවන් මත ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විශේෂ අභිචෝදක ජැක් ස්මිත් ගෙන ආ නඩුව විනිසුරු ටාන්යා චුට්කන් නිෂ්ප්‍රභා කර ඇති බව වාර්තා වේ.

නඩුව නිෂ්ප්‍රභා කරමින් විනිසුරුවරිය සඳහන් කර තිබුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව චෝදනා නැවත ගොනු කළ හැකි බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඔහුගේ පළමු ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ෆෙඩරල් නඩු දෙකට සහ ඒවාට සම්බන්ධ අපරාධ චෝදනා 100 කට ආසන්න ගණනකට මුහුණ දුන් අතර එමඟින් ජනාධිපති අපේක්ෂකත්වය පවා අහිමි වන්නට ඉඩ තිබිණි. කෙසේ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වශයෙන් සිටියදී ගනු ලැබූ තීන්දු තීරණ වලට නඩු පැවරිය නොහැකි බවට තීන්දු කිරීමත් සමඟ ට්‍රම්ප් විශිෂ්ඨ ලෙස දෙවන වාරය සඳහා මැතිවරණ ජයග්‍රහණය කරන ලදී.

ජැක් ස්මිත්ගේ නඩුව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් යොදමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, සියලු චෝදනා හිස් හා ගණන් ගත යුතු ඒවා නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...