ට්‍රම්ප් මෙක්සිකෝවට,කැනඩාවට සහ චීනයට නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ සහ කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක තීරුබදු සහ චීන නිෂ්පාදන සඳහා අතිරේකව 10% ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කිරීමට සුදානම් බව එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සිය සමජ මාධ්‍ය ගිණුමේ සඳහනක් යොදමින් ජනවාරි 20 වෙනිදා, මගේ පළමු විධායක නියෝගවලින් එකක් ලෙස, මෙක්සිකෝවට සහ කැනඩාවට එක්සත් ජනපදයට පැමිණෙන සියලුම නිෂ්පාදන සඳහා 25% තීරුබද්දක් හා චීනයෙන් මිට අමතරව 10%ක තිබු බද්දක් අය කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි මම අත්සන් කරමි යනුවෙනි.

ඇමරිකාවට විශාල ව්‍යසනයක්ව ඇති ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ලෙස දේශ සීමා තරණය කරන සංක්‍රමණිකයන් සීමා කරන තෙක් මෙම තීරුබදු පැනවෙන බවයි සඳහන් වන්නේ, කෙසේ නමුත් එක්සත් ජනපදයට ඇතුළු වන මත්ද්‍රව්‍ය ප්‍රමාණය සීමා කිරීමට චීනය අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපදයට පැමිණෙන චීනයේ සියලුම නිෂ්පාදන වෙනුවෙන් චීනයට අමතර බද්දක් පනවා තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී මැතිවරණ ප්‍රචාරක ගමනේ යෙදී සිටියදී ට්‍රම්ප් තීරුබදු “ශබ්දකෝෂයේ ඇති ලස්සනම වචනය” ලෙස විස්තර කළ අතර මෙක්සිකෝව සහ කැනඩාව එක්සත් ජනපද වෙලඳපොල මත දැඩි ලෙස රඳා පවතින බැවින් ජනාධිපති ලෙස තේරී පත් වූ ට්‍රම්ප්ගේ තර්ජන වලින් ඉවත් වීමට ඔවුන්ට ඇති හැකියාව සීමිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...