ට්‍රම්ප් මෙක්සිකෝවට,කැනඩාවට සහ චීනයට නව බදු පනවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අක්‍රමවත් දේශසීමා හරස් කිරීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ප්‍රතිචාර වශයෙන් මෙක්සිකෝවේ සහ කැනඩාවේ සියලුම භාණ්ඩ සඳහා 25% ක තීරුබදු සහ චීන නිෂ්පාදන සඳහා අතිරේකව 10% ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට තමා අත්සන් කිරීමට සුදානම් බව එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සිය සමජ මාධ්‍ය ගිණුමේ සඳහනක් යොදමින් ජනවාරි 20 වෙනිදා, මගේ පළමු විධායක නියෝගවලින් එකක් ලෙස, මෙක්සිකෝවට සහ කැනඩාවට එක්සත් ජනපදයට පැමිණෙන සියලුම නිෂ්පාදන සඳහා 25% තීරුබද්දක් හා චීනයෙන් මිට අමතරව 10%ක තිබු බද්දක් අය කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි මම අත්සන් කරමි යනුවෙනි.

ඇමරිකාවට විශාල ව්‍යසනයක්ව ඇති ෆෙන්ටැනයිල් මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ලෙස දේශ සීමා තරණය කරන සංක්‍රමණිකයන් සීමා කරන තෙක් මෙම තීරුබදු පැනවෙන බවයි සඳහන් වන්නේ, කෙසේ නමුත් එක්සත් ජනපදයට ඇතුළු වන මත්ද්‍රව්‍ය ප්‍රමාණය සීමා කිරීමට චීනය අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපදයට පැමිණෙන චීනයේ සියලුම නිෂ්පාදන වෙනුවෙන් චීනයට අමතර බද්දක් පනවා තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී මැතිවරණ ප්‍රචාරක ගමනේ යෙදී සිටියදී ට්‍රම්ප් තීරුබදු “ශබ්දකෝෂයේ ඇති ලස්සනම වචනය” ලෙස විස්තර කළ අතර මෙක්සිකෝව සහ කැනඩාව එක්සත් ජනපද වෙලඳපොල මත දැඩි ලෙස රඳා පවතින බැවින් ජනාධිපති ලෙස තේරී පත් වූ ට්‍රම්ප්ගේ තර්ජන වලින් ඉවත් වීමට ඔවුන්ට ඇති හැකියාව සීමිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...