අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

0
1870

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW :

මෙවර, අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර මාස තුනක් ඇතුළත කඩයිම් ලකුණු නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සැලසුම් කර ඇති බව එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේය.

ඒ සදහා සිසුන් බදවා ගැනිමට ඇති ක්‍රමවේදය  ඩිජිටල් කරණය කරන බවත්, ඒ මහතා කියා සිටී.වසරකට සිසුන් 40,000කට අධික සංඛ්‍යාවක් මෙරට සියලු විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා බවද උප සභාපතිවරයා ප්‍රකාශ කරන ලද අතර, දැනට පවතින ක්‍රමය අනුව ප්‍රථිඵල නිකුත් වීමෙන් පසුව ඇතැම් පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට සිසුන්ට වසරක පමන කාලයක් නිවෙස්වලට වී බලා සීටීමට සිදුව ඇති ක්‍රමවේදය මේ අනුව වෙනස් වනු ඇත.