ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර ඩකලපුව දිස්ත්‍රික්කයේ ගංගා ද්‍රෝණි තුනක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් මේවනවිට දිවයිනේ ප්‍රධාන වැව් 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ වැව් 26ක් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වනවිට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වනවිට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇතැයි සඳහන්.

මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව දැනුම් දී තිබේ.

මේ අතර ඊයේ (25) දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 225ක් අම්පාරින් වාර්තා වී තිබේ.

මේ වනවිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර නොමැති වුවත් සෙසු ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ජලයෙන් යටවී ඇති අතර සෝමාවතිය හා මනම්පිටිය යන ප්‍රදේශයන් අද සවස් වනවිට ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...