*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රනිල්ගේ ලිබරල්වාදය සහ මහින්දගේ මැදමුලනවාදය

රනිල් සහ රාජපක්ෂලා අතර ඩීල් තිබුනේ අද ඊයෙක සිට නොවේ. 2015දී මහින්ද මෛත්‍රීපාලට පැරදුන මොහොතේ තනතුර අතහැර යාමට මහින්ද එකඟ උනේ නැත. ගැටලුව විසඳුනේ අරලිය ගහ මන්දිරයට රනිල්ව ගෙන්වාගත් මහින්ද ඔහු සමඟ යම් එකඟතාවයකට පැමිණීමෙන් පසුවය. එදා ඒ රහස් එකඟතාවය අකුරටම ආරක්ෂාකල රනිල් හැමවිටෙකම ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂවරු ආරක්ෂා කලේය.

එහිදී සූළු සුළු සිද්දි කීපයක් හැරුනු විට කිසිදු රාජපක්ෂවරයෙකු දූෂණ වංචා සම්බන්දයෙන් හිරබත් කෑවේ නැත. නමුත් කිසිදු විටෙක රනිල් මෙන් මහින්ද ගිවිසුම් (ඩීල්) රැක්කේ නැත. ඔහු 2018දී නැවත මෛත්‍රීපාලව ඩැහැගෙන රනිල්ව පන්නාදමා ව්‍යවස්තාවටද පටහැනිව අගමැති පුටුව ඩැහැගත්තේය.

එකම වෙස්මිනිස්ටර් කුළකයක් තුල ජීවත්වෙන මේ චරිත දෙකේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මේ හැසිරීම් දෙක කුමක්ද?

ඒ රනිල් තුල පවතින ලිබරල් පරමාදර්ශයනුත් මහින්ද නියෝජනය කරන “කෙසේ හෝ බලය” තේමාව කරගත් ෆැසිස්ට් ලුම්පන් දේශපාලනයත් අතර වෙනසයි.

රනිල් තුල පවතින ලිබරල් පරමාදර්ශ අදාලවෙන්නේ මහින්ද ඇතුළු ඔහුගේ ධනපති කුළකයට පමණක් බවද මෙහිදී සඳහන් කල යුතුය. රනිල් උපකල්පනය කරන ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන ප්‍රචන්ඩ ප්‍රවාහයක් මතුවන ඕනෑම මොහොතක කුමන වන්දියක් ගෙවාහෝ මොනතරම් මර්ධනයක් දියත්කර හෝ එය මැඩලීමට ඔහු පසුබට වන්නේ නැත.

පසුගිය අරගලය තුලදී රාජපක්ෂවරුන්ට එරෙහිව අති දැවැන්ත මහජන විරෝධයක් සුනාමියක් සේ ගලා ආවේය. ඒ තත්වය තුල රාජපක්ෂවරු පමණක් නොව රනිල්ට ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත බඳුවූ පාර්ලිමේන්තු ආකෘතියද යම් අනතුරකට මුහුණ පෑවේය. එහිදී රාජපක්ෂවරු සමඟ තිබූ පරණ ආරෝවන් පසෙකට දැමූ රනිල් රාජපක්ෂවරුන්ගේද, පාර්ලිමේන්තු සිස්ටම් එකේද ආරක්ෂාව වෙනුවෙන් දිවිපරදුවට තබා කැප උනේය.

ඇතැම් විට ඒ මොහොතේ අරගලය මැඩපැවැත්වීමේ රනිල්ගේ වෑයම ගැස්සුනේ නම් අවම වශයෙන් ගෝඨාබයට මෙන් පැනයාමට වත් අවස්තාක් රනිල්ට නොලැබීමට පවා ඉඩ තිබින.

හරි හෝ වැරදිහෝ ඒ මොහොතට අදාලව වෙස්මිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඒ අවදානම ගත්තේය. එහි අතුරුපලයක් ලෙස “රාජපක්ෂ චෞරයන්ගේ ආරක්ෂකයා” යන අපවාදයටද ඔහු කරගැසීය.

නමුත් තත්වය තරමක් දුරට සන්සුන්වූ වහාම නැවත මහජනයා අතරට යාමට පොටක් පාදාගැනීමට මාන බලමින් සිටි මහින්ද මෙවර අයවැය විවාදයේදී අර්බූදයට හේතුවූවා යැයි කියවෙන සියළු වැරදි පෙරලා රනිල් උඩටම පැටවිය. ඒ මහින්දගේ “කෙසේ හෝ බලය” තේමාකරගත් පාදඩ දේශපාලයේ ප්‍රකෘති සොබාවයයි.

නමුත් මෙහිදී දෙශපාලන ජනපදනමක් නැති හුදු තනි පුත්ගලයෙකුවූ රනිල්ට සියළු රාජපක්ෂ පව් වලට කරගහන රාජපක්ෂලාගේ බෆර් එකක් වනවා හැර අන් විකල්පයක්ද නැත. මන්ද, ඔහු ජනපති දූරයට පත්වූයේද ඔහුගේ බලය පවතින්නේද රාජපක්ෂවරු මෙහෙයවන පොහොට්ටු බලවේගයේ අනු හසිනි.

රනිල් යනු අවමවශයෙන් ඔහුගේ පරමාදර්ශයවූ ලිබරලිසම් වලට හෝ අවංකය. නමුත් මහින්ද යනු අවස්තාවාදය, බල ලෝබය හැර වෙනත් කසිදු පරමාදර්ශයක් නැති චරිතයකි.

මහින්ද බලය සඳහා පාර සාදාගත්තේ 88, 89, සිද්දි පාදක කරගත් ව්‍යාජ මානවහිමිකම් මල්ලක් කරේ තබා ගනිමිනි. ඊළඟට ජ.වි.පෙ. විසින් බිමේ කාලයක් තිස්සෙ ටියුන් කරමින් සිටි දෙමළ විරෝධයකට ගොඩවී ජනපති පුටුවට ගොඩවිය. ඊළඟට උතුරේ මානවහිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කරමින් ජන ඝාතක යුද්ධයක් හරහා දකුණේ වර්ගවාදී ජනමනස දිනා ගත්තේය .

අනතුරුව යුධ ජයග්‍රහණයේ ප්‍රතිපලයක් විදියට ඔහුට ලැබුන සිංහල සමාජය අතර ජනප්‍රියත්වය රාජ්‍ය දේපොල කොල්ල කෑමට ලැබුන බලපත්‍රයක් බවට ඔහු පත්කර ගත්තේය.

දැනුදු වයස අවුරුදු අසූවකට ආසන්නවී ඇතත් රාජ්‍ය බලය නැමති ඉල්ලමේ උරුමය නාමල්ටදී මිසක දේශපාලනයෙන් සැහැල්ලුවෙන් බැසයාමේ අදහසක් ඔහු සතුව නැතිබවද පැහැදිලිව පෙනේ.

දෙමළ ජනවාර්ගය යනු සිංහලයන්ගේ ඓතිහාසික සතුරෙක් ලෙස සිංහලයන්ගේ ලේ තුලටම කාවැද්දවූ ධර්මපාල දුෂ්ඨ චින්තනය මහින්ද ජයපිට ජයකෙහෙලි නැංවූ ඔහුගේ දේශපාලන තෝතැන්න විය. එහිදී වගකිවයුතු දේශපාලකයෙකුගේ වගකීම විය යුතුව තිබුනේ එවන් දුර්මත හැකි උපරීමයෙන් පිටු දැකීමය. නමුත් මහින්ද ඔහුගේ පෞත්ගලික ඉලක්ක වෙත යාමට බාවිතාකලේ මේ විනාශකාරී ජරාජීර්න මතවාදයන්ය.

ලංකාව මෙවන් ආර්ථික ව්‍යාසනයකට ඇද වැටීමට මෙතෙක් රට පාලනය කල සියළුම බලවේගද, පොදු ජනතාවද වගකිවයුතු උවද එය ඉක්මන් වීමට හා තීවුර වීමට මහින්දගේ හා ඔහුගේ පවුලේ අවස්තාවාදී හා චෞර දේශපාලන උපායන් ඝෘජුවම බලපෑවේය.

අයවැය විවාදයේදී පෞත්ගලීකකරන වැඩපිලිවලට තමා අකමැතිබව සඳහන් කරමින් ව්‍යාජ ජනතාවාදයකට පක්ෂපාතීත්වය පෙන්වමින් පෞත්ගලික කරනය තමන්ගේ බලවත් අකැමැත්ත මත සිදුවන දෙයක් ලෙස අඟවමින් කල බොරු රඟපෑම ද මහින්දගේ මජර දේශපාලනයේම කොටසකි. මේ ව්‍යාසනයෙන් රට ගොඩනැගීමට නම් රටේ ආර්ථික දහරාව හැරවිය යුතු දිසාවද ඔහු හොඳාකාරවම දනී. නමුත් ඒ වෙනුවෙන් අතිබහුතර ග්‍රාම්‍ය ජනපදනම විරසක කරගැනීමට ඔහු සූදානම් නැත.

රටේ ඊළඟ ඉරණම කුමක් වුවත් ඔහුට අදාල වෙන්නේ බලය යන සාධකය පමණි. ඒ හරහා අයතා ධනය ඉපයීමේ පාදඩ දේශපාලනට මාවත පාදාගැනීම පමණි.

ලාංකීය දේශපාලන ඉතිහාසයේ දේශපාලනය තුල අවස්තාවාදය ඉතාම නින්දිත ලෙස උපයෝගී කරගත් දේශපාලකයින්ගේ ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ මහින්දය. එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායක සිටින්නේ ද දෙවනුවට ය …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan