ප්‍රදේශ කිහිපයකට සවස වැසි – අද කාලගුණ නිවේදනය

0
166

ඌව පළාතේ සහ මාතර, හම්බන්තොට, අම්පාර, යාපනය යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (26) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RN