කිරිපිටි සත්ත්ව ආහාර බවට පත්කිරීම…

Date:

ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයක් මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ලවෙයි.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

රෂිකා හෙන්නායක
2022.11.26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වීමට ජපානයට කිසිදු සුදුසුකමක් නැහැ – චීනය

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් බවට...

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...