*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ස්ටාර් රූපවාහිණිය හිතා මතා කණට ගැහැව්වාද? වැදුණාද?

අද ඇරඹි ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 60 න් ජය ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි විය. තරගයේ පරාජයට හේතු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹයත් එයින් ද පසුපෙළ දුර්වලවීම තදින්ම බලපෑමත් සම්බන්ධයෙන් සාධකයක් විය හැකි චාමික කරුණාරත්න ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ කථිකාවක් හැදෙමින් ඇති ඉඩ සළකමින් හෝ නොසළකමින් ස්ටාර් රූපවාහිනි සේවය සජීවි තරගය විකාශනයෙන් පසුව චාමික සහභාගි වූ අවසාන එක්දින තරගයේ විශේෂ අවස්ථා විකාශය කරන්නට යෙදිණ.
චාමික මේ වන විට තාවකාලික තහනමකට ලක් වී සිටින අතර එය ක්‍රිකට් ආයතනය ඔහුගේ අසාර්ථවීමක් ලෙස පැවසීය.නමුත් LNW පැවසූ පරිදිම චාමික සහභාගි වූ අවසාන තරගයේදී පන්දු යැවීම මුල් කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යන්නට අදාළ ප්‍රහාරාත්මක හැකියාව පෙන්වා ලකුණු 75 ක් ලබා ගන්නට සමත් විය.තරගයේ වීරයා ද විය.ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිවය.ඇෆගනිස්තානය සමඟ වූ තරගයෙන් අනතුරුව විකාශය වූ එම තරග අවස්ථාවන්වලින් ප්‍රචාරනය කෙරුණේ අවසාන වරට පැවති කරගයේදී තරගයේ වීරයා වූ චාමික කරුණාරත්න ය.
බරපතලම කාරණය වන්නේ “වසරක අත් හිටවූ දඩුවමක් යටතේ” යන වචන අස්සේ චාමිකට ක්‍රීඩා කරන්නට බාධාවක් නැත යන්නය.ඒ නිසා ඔහු ඉවතට දැමීමට දක්ෂතා මදි යන්න භාවිතා කළේය.ක්‍රීඩා අමාත්‍යවරයා ද ඊට මැදිහත් වුව ද ඔහුට අවස්ථාව ඇහිරිණි.ඇෆ්ගනිස්තාන තරගය චාමික සිටියානම් අනිවාර්යෙන් දිනන බව කියන්නට සාක්ෂි නැත.ඒ තර්කයද පලක් නැත.නමුත් චාමික ඉවත් කිරීමට ගත් තීරණයට තර්කයක් ගොඩ නඟා ගැනීමට පාලකයන්ට නොහැකි වීම යන කාරණය ඇතුළේ ස්ටාර් රූපවාහිණිය පරාජයෙන් අනතුරුව චාමික අවසාන වරට ක්‍රීඩා කර සහ ඔහු තරගයේ වීරයා වූ තරගයම විකාශයට තෝරා ගැනීම හිතා මතා හෝ නොදැනුවත්ව චාමිකව ඉවත් කිරීමට විරෝධීව අදහස් දැක් වූ අය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව සිට ගැනීමක් වැනිය.
මේ වන විට ඒ හරහා චාමික ඉවත් කිරීමට ආගමික නිකායක බලපෑම එල්ල වූ බවට යන චෝදනා ද බරපතල තත්ත්වයකි.අදාළ නිකාය වෙනුවෙන් මේ වන විට හිටපු ප්‍රවින ක්‍රිකට් ක්‍රීඩකයෝ ද,සමහර ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් ද එළිපිටම ඉදිරිපත් වෙමින් ඇත.ක්‍රීඩකයෝ ද ක්‍රීඩක බිරින්දෑවරුන් ද මේ ආකාරයට පෙළ ගැසීම පෙනෙන්නට ඇත.එය ඉතාම දරුණු තත්ත්වයකි.පන්සලක හෝ වෙන කුමන හෝ ආගමික නිකායක්ද ක්‍රිකට් හසුරුවන බවට සැක හිතෙන ආකාරයේ හැසිරීමක් අතිශයින් සංවේදී බරපතල කාරණයක් වන අතර එවැනි ආගමික බලපෑමකට එරෙහිව අද දැඩි ඉස්ලාම් ආගමික පදනමක් ඇති ඉරානයේ ජනතාව රොදි බැඳ සිටින අයුරු වුව හොඳ උදාහරණයකි.ලංකාව වැනි රටක මේ තත්ත්වය දියුණු සමාජ දැණුමකින් හෝ ඕනෑ කමකින් සිඳු නොවී එවැනිම ආගමික කල්ලිවල මැදිහත්වීමෙන් සිඳු වීමට ඇති ඉඩ මිත්‍යාවෙන් මිත්‍යාවට යාමක්ම වනු ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආගමික ප්‍රචාරනවලට සහභාගිවන සියල්ලන් ක්‍රීකට් පරිපාලනයට,ක්‍රීඩකයින් පරිපාලනයට ඇති ඉඩවලින් ඉවත තැබීම වැදගත්ය.
කෙසේ හෝ ඇප්ගනිස්තානය ජය ගත්තේ ඔවුන් ඉතා දක්ෂ ආකාරයට ක්‍රීඩා කිරීම මෙන්ම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් හෝ පන්දු රැකීමේදී සිඳු විය හැකි වැරදි තවමත් හරියටම ඉටු වි නොමැති බැවින්ය.පන්දු ඕවර් 50 තුළ ඇෆ්ගනිස්තානය කඩුලු 8 ට 294 දක්වා ගියේ ඉබ්‍රාහීම් ෂර්දාන් ගේ (106) ශතකයේ ආධාරය ප්‍රධාන කර ගෙනය.රහමදුල්ලා ගුර්බාස් (53) සහ රහ්මත් ෂාහ් (52) අර්ධ ශතකවලින් දායක වූ අතර ලකුණු පූවරුව ඉහළ එසැවීමට පන්දු 25 ක් තුළ ලකුණු ලකුණු 42 ක් ලැබූ නජිබුල්ලාහ් ෂර්දාන් ද විශාල දායකත්වයක් දැක්වීය.
පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉණිම දෙකක්ම වාර්තා විය.ඒ පන්දු 83 දී ලකුණු 85 ක් ලැබූ පැතුම් නිශ්ශංකත්, පන්දු 46 දී ලකුණු 66 ක් ලැබූ වනිඳු හසරංගත් හරහා ය.එම වේගවත් බව නිසා පන්දු ඕවර් 38 දී ලැබුණු වේගවත් ලකුණු 234 ක් හිමි විය.වේගය සමඟ කඩුලු රැක ගැනීමක් සිඳු නොවිණ.පරාජය අත් වූයේ එබැවින්ය.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න ඉඩ ඇත.එය බැලීමෙන් වුව සිඳු වූ දේ දැක ගන්නට අපහසු නැත.
https://www.espncricinfo.com/series/afghanistan-in-sri-lanka-2022-23-1340530/sri-lanka-vs-afghanistan-1st-odi-1340532/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan