ප්‍රියමාලි ගැන තවත් හෙළිදරව්වක් …

Date:

කෝටිපති ව්‍යාපාරිකයන් රැවටූවේ යැයි කියන ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලි සමඟ එක්වී ව්‍යාපාරිකයකුට හිමි ලක්ෂ 140ක් වටිනා ප්‍රභූන් භාවිත කරන බෙන්ස් රථයක් විකුණා මුදල් නොදී වංචා කිරීම සහ වංචා කිරීමට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුගේගොඩ රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ලබන 30 වන දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ‍කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර යන අයෙකි.

සැකකරු ඉදිරිපත් කරමින් කේ.ඩබ්ලිව් 4088 දරන ඊ 250 වර්ගයේ ප්‍රභූන් භාවිත කරන බෙන්ස් රථය විකුණා ඇත්තේ ඔහු බවත් 2021 වසරේ ජූලි මස 10 දා රථය ෂැංග්‍රිලා හෝටලයේදී වාහනයට අදාළ සියලු ලියවිලි සමඟ තිළිණි ප්‍රියමාලිට භාර දෙන අවස්ථාවේදී ඔහු එම ස්ථානයේ සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

පනාගොඩ පදිංචි ෂෙනන් රජේන්ද්‍ර යන අය කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය කළ බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිළිණි ප්‍රියාමාලි සමඟ එක්ව මේ මුදල් සැකකරු වංචා කර ඇති බවත් කියා සිටියේය.

සැකකරු මේ රථය විකුණා ගත් මුදල් තිළිණි ප්‍රියාමාලිට ඔහුගේ රූපලාවණ්‍ය ආයතනයේදී දී ඇති බවත් ඔහුගේ බිරිය ස්නායු ආබාධයකින් පෙළෙන බව කියමින් සුදුසු ඇපයක් මත සැකකරු මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 30 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

රෂිකා හෙන්නායක
2022.11.26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය