*
Friday, March 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/26

1. “බලය බෙදීම” හරහා ජාතික ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කළ හැකි ක්‍රියාවලියක් සමඟ සාධනීය ලෙස සම්බන්ධ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි – එම ක්‍රියාවලිය අව්‍යාජ වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බව ද පවසයි.

2. 2023 අයවැය ට එරෙහිව දෙසැම්බර් 5, 6, සහ 8 යන දිනයන් “විරෝධතා දින” ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි – රජයේ ආයතන පෞද්ගලීකරණය, කම්කරු නීති සංශෝධනය, බදු වැඩි කිරීම, සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ කප්පාදු කිරීම යන හේතූන් පාදක කරගෙන මෙම විරෝධතා ක්‍රියාත්මක වීමට නියමිත ය.

3. ශ්‍රී ලංකාවේ ගොවීන්ට සහ ධීවරයන්ට වත්මන් අභියෝග ජය ගැනීමට චීනය විසින් පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6 (මෙට්‍රික් ටොන් 9,000) රැගත් තෙල් නෞකාව අද කොළඹට නැංගුරම්ලන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී – රට මුහුණපා ඇති අභියෝගයන් ජය ගැනීමට චීනය විසින් ශ්‍රී ලංකාවට තම සහාය දිගටම ලබා දෙන බව චීන තානාපති Qi Zhenhong ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහතික වෙයි.

4. පුද්ගලයකු ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක 3 වැනි මහලෙන් අවුරුදු 1-1/2ක් වයසැති බිළිදෙකු විසි කළ බවට වාර්තා පළවෙයි! – තුවාල ලැබූ බිළිඳා මිය යයි – මෙම සිදුවීමට අදාළව පළවන වාර්තාවල පරස්පරභාවයක්! – සිද්ධියට අදාළ පුද්ගලයා මනස ව්‍යාකූල වූ අයෙකු බවත්, ඔහු “අයිස්” නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවකු බවත් සඳහන්.

5. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2 වැනි වර කියවීම දෙසැම්බර් 9 වැනි දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි.

6. නව යොවුන් වියේ පුද්ගලයන් සහ වැඩිහිටියන් අතර H1N1 ඉන්ෆ්ලුවෙන්සා ආසාදන ව්‍යාප්තිය ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ වෛරස විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කරයි – “අධි අවදානම්” කාණ්ඩවලට අයත් පුද්ගලයන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ද ඉල්ලා සිටියි.

7. පොලිසියේ රාජකාරියට ඇඟිලි නොගසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී! – විරෝධතාකරුවන් මානව හිමිකම් කොමිසම ලවා පොලිසියට බාධා කිරීමට උත්සාහ කරන බව පවසයි – මේ පිළිබඳව සොයා බලන ලෙස තමා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද පවසයි.

8. නීති විද්‍යාලයේ අභ්‍යන්තර විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යාපන කවුන්සිලය විසින් ගෙන ඇති තීරණය ආපසු හරවන ලෙස එම විද්‍යාලයේ සිසුහු ඉල්ලා සිටිති – මේ පිළිබඳව රජයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ අංශවල නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.

9. මෑතකාලීන විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුවත් විදුලිබල මණ්ඩලයට රු. බිලියන 423 ක පාඩුවක් සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි – විදුලිය සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් විදුලි ගාස්තු තවදුරටත් ඉහළ දැමීමට සිදුවීම නොවැළැක්විය හැකි බව ද පවසයි – වත්මන් විදුලි ජනන වියදම රු. බිලියන 889 ක් වන මුත් අගෝස්තු මාසයේ ගාස්තු වැඩි කිරීමෙන් පසුව පවා ආදායම වී තිබෙන්නේ රු. බිලියන 400 ක් පමණක් බව ද අනාවරණය කරයි.

10. පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 60 ක පරාජයක්! – ඇෆ්ගනිස්තානය 294/8 (පන්දුවාර 50); ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 234 (පන්දුවාර 38).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan