ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඇමරිකාව තුළ Huawei තහනම් !

Date:

ලොව විශාලතම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදකයන්ගෙන් එකක් වන Huawei සහ ZTE ඇතුළු ප්‍රමුඛ පෙළේ චීන සන්නිවේදන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට අවදානමක් ලෙස සලකමින් එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) විසින් රටතුළ තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභා කොමසාරිස් බ්‍රෙන්ඩන් කාර් සිකුරාදා(25) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉලක්කගත නිෂ්පාදන ආනයනය කිරීම හෝ විකිණීම අවහිර කරන නව නීති රීති ඉදිරියේදී සම්මත වන බවයි.

(5G) රැහැන් රහිත ජාලවලට බාධා කිරීමට සහ සංවේදී තොරතුරු රැස් කිරීමට Huawei වැනි චීන සන්නාමවල උපකරණ භාවිතා කළ හැකි බවට එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් අනතුරු අඟවා ඇත. එක්සත් ජනපද චෝදනාව Huawei සහ ZTE ඇතුළු ප්‍රමුඛ පෙළේ චීන සන්නිවේදන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සන්නාම විසින් ප්‍රතික්ෂප කර ඇති අතර, ඔවුන් මෙම සම්බාධක හෙළා දැක ඇත.

එක්සත් ජනපදය හා සමගාමීව, එක්සත් ජනපදයට තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති උපකරණ අපගේ වෙළඳපොළට ඇතුළු වීම නැවැත්වීමෙන්, එය අපට එරෙහිව භාවිතා කළ හැකි අවදානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බවට පවසමින් කැනඩාව තුළද Huawei තහනම් කර ඇත.

පසුගිය දා ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනු කිරීමට උත්සාහ කරමින් සම්බාධක කඩ කිරීමට උත්සාහ කළ බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා මත Huawei විධායක නිලධාරි Meng Wanzhou අත්අඩංගුවට ගෙන වසර තුනකට ආසන්න කාලයක් කැනඩාවේ රඳවා තබා ගන්නා ලදී.
මෙම සියලුම කරුණු මත පදනම්ව Huawei සහ ZTE ඇතුළු ප්‍රමුඛ පෙළේ චීන සන්නිවේදන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ තහනම් කර ඇත.

සශිකලා මධුෂාණී_ OBT

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...