ඕමාන් මිනිස් ජාවාරමේ තවත් තොරතුරු එළියට: දවස් තුනක් ඒජන්සියේ තියාගෙන සිහිනැතිවෙනකම් ගැහුවා (VIDEO)

0
482

රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන මැදපෙරදිග මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළිවෙමින් තිබේ.

ඒ අනුව අද (26) කොළඹදී මැදපෙරදිග මිනිස් ජාවාරම් හෙළිකිරීමේ එකමුතුව සංවිධාන විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් එම හෙළිදරව් කිරීම සිදුකරනු ලැබීය.

මෙහිදී එම මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව නැවත මෙරටට පැමිණි කාන්තාවන්ද සිය ඛේදජනක අත්දැකීම් සහ එම මිනිස් ජාවාරම සිදුවන ආකාරය ගැන තොරතුරු හෙළිදරව් කරන ලදී.

ASK