*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සී.ඩී. විශ්‍රාම යයි. වැඩබලන පොලිස්පති තනතුර දේශබන්දුට ??

ඊයේ (25) දිනයේ සිට විශ්‍රාම යන බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඒ, වික්‍රමරත්න මහතාට ලැබී තිබුණු සිව්වැනි සේවා දිගුවත් පෙරේදා දිනයෙන් අවසන් වීමෙන් අනතුරුව ය.

විශ්‍රාම වයස සම්පූර්ණ විමෙන් වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා සිට ය. කෙසේවෙතත් නව පොලිස්පතිවරයකු පත්කරගත නොහැකි වීම නිසා ඒ මහතාට අවස්ථා හතරකදී සේවා දිගු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි.

සී.ඩී. වික්‍රමරත්න මහතාටම තවත් සේවා දිගුවක් ලබාදීමක් හෝ නව පොලිස්පතිවරයකු පත්කිරීමක් හෝ පිළිබඳව මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

මේ අතර බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan