හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂ කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා සයිනොපෙක් සමාගම තෝරාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් එම සමාගම සමග ගිවිසුම්ගත වීම සඳහා අනුමැතිය හෙට (27) පවත්වන කැබිනට් රැස්වීමේදී හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සයිනොපෙක් සමාගම මේ වනවිට මෙරට ඉන්ධන බෙදාහැරීමට සහ වෙළඳාමට අවතීර්ණ වී සිටින සමාගමකි.
හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ඔවුන් විසින් සිදුකිරීමට නියමිත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් බව සඳහන්.
RN