සංගීත ප්‍රසංගයක තෙරපීමක්! 04ක් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (25) රාත්‍රියේ , දකුණු ඉන්දියාවේ කේරළයේ කෝචින් විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පැවැති සංගීත ප්‍රසංගයක දී සිදු වූ තෙරපීමකින් සිසුන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.

සංගීත ප්‍රසංගය නැරැඹීමට අවසර ලබා දී තිබුණේ විශ්ව විද්‍යාලයේ සිසුන්ට පමණක් වන අතර සංගීත ප්‍රසංගය එළිමහනයේ පැවැත්වෙමින් තිබියදී ඇද හැලුණු වර්ෂාවක් හේතුවෙන් එය විශ්ව විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්වීමට තීරණය කර ඇති අතර, තෙරපීම හටගත්තේ ශ්‍රවණාගරයට සිසුන් ඇතුළු වීමට දිව යමින් සිටිය දී බවට වාර්තා වේ. එහි දී සිසුන් විශාල පිරිසක් පඩිපෙළ මතින් ලිස්සා ගිය බවත්, පසුව පෑගී ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...