ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

Date:

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ගතවූ දින 10ක කාලය තුළ ආපදා මරණ 31ක් සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මරණ වාර්තා වී ඇත්තේ ඌව පළාතෙන් පුද්ගල මරණ ඌව පළාතෙන් 18ක්, සබරගමුව පළාතෙන් 7ක්, මධ්‍යම පළාතෙන් 4ක්, දකුණු පළාතෙන් සහ වයඹ පළාතෙන් පුද්ගල මරණ එක බැගිනි.

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව තිබෙන අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි.

එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, තවමත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එම මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනය තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබේ.

කොළඹ – නුවර මාර්ගයද ඊයේ රාත්‍රියේ සිට වස දමා තිබේ.

මහ්ද්යම පළාතේ මාර්ග රැසක් අවධානම් තත්ත්වයට පත්ව ඇති හෙයින් පවතින කාලගුණ තත්ත්වය සමඟ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස අදාළ අංශ විසින් මහජනතාව දැනුවත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...

සෙනසුරාදත් උසස් පෙළ විභාගය අවලංගුයි – විභාගය පැවැත්වෙන දින මෙන්න!

කොළඹ LNW: සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය...

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි!

කොළඹ LNW: ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ...

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...