සංචාරකයන් රට තුළ වැඩි කාලයක් රඳවා ගන්න රජයට ඇති වැඩපිළිවෙළ මොකද්ද? – විපක්ෂ නායකගෙන් ප්‍රශ්නයක්

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව 2025 වසර අවසන් වන විට ලියාපදිංචි සංචාරක නවාතැන් ආයතන සංඛ්‍යාව, මුළු කාමර සංඛ්‍යාවත් ඉන් වර්ගීකරණය කළ සංචාරක හෝටල්වල කාමර සංඛ්‍යාව එක් එක් වර්ග අනුව ඉදිරිපත් කරන ලෙසත් අපේක්ෂිත සංචාරක ඉල්ලුම සපුරාලීමට මෙම ධාරිතාව ප්‍රමාණවත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයෙන් අප රටට විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙන නිසා මේ කර්මාන්තයේ තරගකාරීත්වය ජාත්‍යන්තර සංචාරකයන් ආරක්ෂණය කර ගැනීම, මෙම කර්මාන්තයේ තිරසර සංවර්ධනය අරමුණු කර ගෙන මෙම ප්‍රශ්න යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ඉදිරි වසර කිහිපය තුළ සංචාරක හෝටල් කාමර ධාරිතාව දෙගුණ කිරීමේ ඉලක්කයක් රජය සතුව ඇත්නම් ඒ සඳහා වන කාලසීමාව නව ආයෝජන සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇති රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් එවැනි වැඩපිළිවෙළක් නොමැති නම් එයට හේතු ඉදිරිපත් කරන ලෙසත් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ග්‍රාමීය ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමේ අරමුණින් Home stay ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමට රජයට ඇති වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචාරකයන් රට තුළ වැඩි කාලයක් රඳවා ගන්න රජයට ඇති වැඩපිළිවෙළ කවරේද

රටේ දරිද්‍රතාව 61%ක් වී ඇති මොහොතක ව්‍යවසායකත්වය තුළින් දුප්පත්කම තුරන් කරන්නට සංචාරක කර්මාන්තය උපයෝගී කර ගත යුතු බවත් එක් සංචාරකයකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඔහු රැදී සිටින කාලය ගැන රජයේ තක්සේරුවක් ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් සංචාරක කර්මාන්තය ශක්තිමත් වන්නේ අගය ඉහළ සංචාරකයන් අප රටේ වැඩි දින ගණනාවක් රැදී සිටීම නිසා මේ තක්සේරුව ඉදිරිපත් කරන ලෙසත් මෙම සාමාන්‍ය ආදායම හා රැදී සිටින කාලය වැඩි කිරිමට රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංස්කෘතික හා පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය තුළින් ඉහළ ඉලක්ක කරා යා හැකියි

ඉහළ වියදම් සංචාරකයන් රටට ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ රජයේ ඉලක්ක ඉදිරිපත් කරන ලෙසත් සංස්කෘතික හා පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය තුළින් ඉහළ ඉලක්ක කරා යා හැකි බවත් මෙරට ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයට ඇති වැඩපිළිවෙළ සේම 2027 අයවැය තුළින් සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීමට සෘජු ප්‍රතිලාභ වෙන් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවලින් අය කරන බදු ප්‍රමාණ ඉදිරිපත් කරන්න

සංචාරක හෝටල්, නියෝජිත ආයතන, අවන්හල් හෝ වෙනත් සංචාරක ආයතනවලින් සෘජුව හෝ වක්‍රව අය කරන බදු ප්‍රමාණ සේම බදු පැනවෙන පදනම සේම 2025-2026 වසරවල මේ බදු නිසා ලැබුණු ආදායම ඉදිරිපත් කරන ලෙසත් සංචාරක ක්ෂේත්‍රයේ සැවොම ඉල්ලන්නේ බදු සහන බවත් මේ තුළින් නව ව්‍යවසායකයන් නිර්මාණය විය හැකි බවත් 2027 අයවැයෙන් යෝජිත ටීඩීඑල් බද්ද අහෝසි කිරීමට බලපෑ හේතු ඉදිරිපත් කර එය අහෝසි කිරීමෙන් පසුව සංචාරක ආයතන ලියාපදිංචිය හා බලපත්‍ර නිකුත් කිරීමේ දී පවතින ප්‍රමිති හා නියාමන කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද සේම මේ බද්ද අහෝසි කිරීමෙන් පසු එහි නියාමනයට යටත් නොවූ සංචාරක සේවා ආයතන පාලනය කිරීමට රජය අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතක වනෝද්‍යාන ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය විය යුතුයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ක්‍රියාත්මක වන වනජීවී සංචාරක කර්මාන්තයේ ආරක්ෂාව, වෘත්තිය ප්‍රමිති හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජීප් රථ හිමියන් හා රියදුරන්ගේ ජීවනෝපාය හා ආදායම් ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම අරමුණු කර ගෙන රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් සංචාරක මාර්ගෝපදේශකයන් හා ප්‍රවාහන සේවා සපයන අය ඇතුළු ස්වයං රැකියාවල නිරත පුද්ගලයන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා ආදායම් ස්ථාවරත්වය තහවුරු කිරීමට රජය ගෙන ඇති පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපෑම් කරන්න එපා

සංචාරක ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් සමස්ත රාජ්‍ය නිලධාරීන් සේම සාධාරණ වැටුප් හා දීමනා වැඩිවීමක් අපේක්ෂා කළත් එය නොලැබුණු බවත් පාරේ බැහැලා කෑ ගැහුවට මේවා දිනන්න බෑ කියා ජනාධිපතිවරයා කිව්වත් මේ රජය බිහි කරන්න රාජ්‍ය නිලධාරීන් වැඩි පිරිසක් ඡන්දය දුන් නිසා උද්ඝෝෂණය කරන්න පාගමන්න යන්න කතා කරන්න අයිතියක් ඇති බවත් එය නැති කරන්න කාටවත් බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ අවුරුදු 15-24 වයස් කාණ්ඩය අතර HIV ආසාදිතයින්ගේ ඉහළ යාමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ තරුණ පරපුර...

මන්ත්‍රී චාමර සම්පත්ට සහ පෞද්ගලික ලේකම්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

30 වර්ජනයට GMOA එක්වෙයි!

කොළඹ LNW:නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය...

විදුලි වාහන සිහිනය යට සැඟවුණු බැටරි අර්බුදය: භාවිතයෙන් පසු බැටරිවලට මොකද වෙන්නේ?

තවමත් ලොව වැඩිපුරම භාවිත වන්නේ පෙට්ට්‍රල් හා ඩීසල් වලින්...