අපි දැන් කුකුළු මස් පිටරටත් යවනවා. අපට දැන් බිත්තර අතිරික්තයකුත් තියෙනවා – මහින්දානන්ද (VIDEO)

Date:

වත්මන් රජය යටතේ මේ වනවිට ශ්‍රී ලංකාව කුකුළු මස් අපනයනය කරමින් සිටින අතර රට සතුව බිත්තර අතිරික්තයක් ද පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

“ඒ වගේම 2024 වෙනකොට මේ රටේ දියර කිරිවලින් 80%ක් ස්වයංපෝෂණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා, ඒ සඳහා අපි වැඩපිළිවෙල කරගෙන යනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවි විශ්‍රාම වැටුප, හිටපු ජනාධිපතිතුමා ආරම්භ කරපු ගොවි විශ්‍රාම වැටුප තමුන්නාන්සෙලා කප්පාදු කළා. නැවත ගොවියාට ගොවි විශ්‍රාම වැටුප හදපු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවයි. 

ඒ විතරක් නෙවෙයි අපේ රටේ හැමදාම අවශ්‍ය කුකුළු මස් ටික අපට තිබුණෙ නෑ. ගරු ඇමතිතුමාගෙ අමාත්‍යාංශය යටතේ අපි අද කුකුළු මස් අපනයනය කරන තත්වයට ඇවිල්ලා, අපි අද අපනයනය වෙළඳපොලක් හදලා, අද බිත්තර අතිරික්තයක් අපට තියෙනවා, ඒ නිසා ඒ පශූ සම්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න අපි කටයුතු කරලා තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි අපනයන වෙළඳපොලක් එළවලු, පළතුරු ක්ෂේත්‍රයේ හරියට තිබුණෙ නෑ. අද වෙනකොට අපි අපනයන වෙළඳපොලක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හදලා තියෙනවා”

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි. 

ඇමතිවරයා කියනා පරිදි කුකුළු මස් අපනයනය කරනා තත්වයකට රට පත්ව ඇත් නම් දේශීය වෙළඳපොලේ කුකුළු මස් කිලෝවක් රුපියල් 800ක් පමණ වන්නේත් බිත්තර අතිරික්තයක් රටේ ඇත්නම් බිත්තරයක මිල රුපියල් 25ක් පමණ වන්නේත් මන්ද යන්න අපට වැටහෙන්නේ නැත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...