ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට විශ්ව විද්‍යාල වල සහය ලබාගැනීමට පියවර..

Date:

ජාතික ප්‍රතිපත්ති සැකසීම සදහා උපකුලපතිවරුන් හරහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහය ලබා ගැනීමේ ඉදිරි සැලැස්ම පිළිබද මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම සාකච්ඡාව සිදුවිය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, දිවයිනේ විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු ආචාර්යවරු පිරිසක් එක්ව සිටි මෙම රැස්වීමේදී අනුකාරක සභාව විසින් හදුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර යටතේ කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සැකසීමට අදාල මූලික සැලැස්ම පිළිබදව එකගතාවක් ඇති විණි.

මෙහිදී මෙම වැඩසටහනට පූර්විකාවක් ලෙස ප්‍රතිපත්ති සකස්විය යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයන් පිළිබදව මහාචාර්ය ක්‍රිශාන් දෙහෙරගොඩ මහතා විසින් සභාවට කරුණු පැහැදිළි කිරීමක් සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු ආචාර්යවරු මෙරට ප්‍රතිපත්ති සකස්විය යුතු ආකාරය පිළිබදව සිය අදහස් පළ කළහ.

ඒ අනුව ප්‍රමුඛතාව පරිදි එක් එක් ක්ෂේත්‍රයන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සම්බන්ධ කරගෙන කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මූලික සැලැස්ම ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ජාතික සභා අනු කමිටුව මගින් සැකසීමටත් ඒ අනුව ඉදිරිකටයුතු සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙහිදී අදහස් දක්වමින් අනු කාරක සභාපති නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙරට ප්‍රතිපත්ති සම්පාදනය සදහා වෙනම කාර්යංශයක් ස්ථාපිත කිරීමටත් ඒ අනුව අදාළ නෛතික වෙනස්කම් පාර්ලිමේන්තුව හරහා ඉටු කිරීම සදහා ජාතික සභාවට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවයි.

රෂිකා හෙන්නායක
2022.11.27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...