ප්‍රයෝගික බෞද්ධයන් ලෙස අප රටත් ජාතියත් සිසු දරුවනුත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් ගලවා ගත යුතුයි – සජිත් (VIDEO)

Date:

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සදහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවත් විවිධ බාධා මධ්‍යයේ වුවත් ප්‍රායෝගික බෞද්ධකම ඇති කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ ඇති පන්සල් පද්ධතිය රැකගෙන ඒ හරහා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචික යුගයේ අවශ්‍යතාවක් බවත් ආගමික සිද්ධස්ථාන රැක ගන්නවා සේම ගම් නියම්ගම් සිසාරා පැතිර පවතින මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරමින් වචනයේ පරිසමාප්තියෙන්ම සුචරිත ජන සමාජයක් බවට පත්කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තන්තිරිමලේ රජමහාවිහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය සඳහා ඊයේ සහභාගී වූ අවස්ථාවේ දීය.

මත්රකුසා පාසල් දරුවන් පවා සීඝ්‍රයෙන් වෙලාගෙන ඇති බවත් එවන් මොහොතක මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් ගම් නියම්ගම් සිසාරා සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව බියර් බලපත්‍ර ලබාදීම කණගාටුවට කරුණක් බවත් රජයට පවා බලපෑම් සිදු කරමින් අදාළ සමාගම් දුම්වැටි සහ මත්පැන් ව්‍යාප්තිය සිදු කරමින් යන බවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මේ මහා බලවේගය තුරන් කල යුතු බවත් විපක්ෂය නායකවරයා සඳහන් කළේය.

තිස්වසරක යුද්ධයෙන් පීඩා වින්දා සේ මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විදින බවත් ඉන් රට ගලවාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලේ රජමහා විහාරයෙ වාර්ෂික කඨින පුජෝත්සවය පැවැත්විනි. මේ සදහා සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අයුරු දක්නට ලැබුණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...