අලි මිනිස් ගැටුම් විසඳුමට බාලගිරි දෝශයද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිනෙන් දින මෙරට අලි මිනිස් ගැටුම නොවිසඳෙන ගටළුවක් බවට පත් ව ඇත. එයට තවත් උදාහරණ සපයමින්, අද (27) උදෑසන පොලොන්නරුව වැලිකන්ද රණවිරු ගම්මානයේ විදුලි සැර වැදීමෙන් අවුරුදු තිහක පමණ වන අලියකු මියගොස් ඇති බව වැලිකන්ද වනජීවීන් නිලධාරීන් සඳහන් කරයි.

රණවිරු ගම්මානය ත්‍රීරෝද රථ රියදුරෙකු තමන්ගේ ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මෙම වන අලියා මියගොස් ඇති බව වැලිකන්ද වන සත්ව නියාමක යූ. බී. එස්. එන්. කුමාරසිංහ මහතා සඳහන් කළේය.

මෙම වන අලියාට විදුලි සැර වැදීමට සම්බන්ධ රණවිරු ගම්මානයේම පදිංචි පනස් වියැති අයකු අද (27) අනවසර විදුලි රැහැන් සහ ඊට යොදාගත් සියලු උපකරණ සමග අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.

වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඇතුළු වන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බවද වැලිකන්ද වනජීවී නිලධාරීන් කියා සිටී.

මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් මහවැලි බී කලාපයේ විදුලි සැර වැදීම හේතුවෙන් වන අලි එකොළොස් (11) දෙනෙකු මියගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් මියගිය පසු වන අලින් කෑලි කපා කොටස් කර හතරදෙනකු අභිරහස් ලෙස වළ දමා ඇති බවද වනජීවි නිලධාරින් ප්‍රකාශ කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...