*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයට චෝදනා එල්ල වුණු මහ බැංකුවේ අය ගැන තීරණයක් ගන්නවා – නන්දලාල් වීරසිංහ

කොළඹ LNW:පවත්නා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුතු බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් චෝදනාවට ලක්කර ඇති හිටපු මහබැංකු අධිපතිවරුන් ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයන්ට අදාළව වන පරිදි නීති උපදෙස් අනුව විශ්‍රාම වැටුප් සහ අනෙකුත් දීමනා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි තීරණයක් දැනට ප්‍රකාශ කළ නොහැකි වුවත් නීති උපදෙස් අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි වීරසිංහ මහතා සඳහන් කරන්නේ.

රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් මණ්ඩල සාමාජිකයන් වගකිව යුතු බවටත්, ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටත් චෝදනා ලැබීම අවාසනාවන්ත තත්ත්වයක් බව පවසන මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණයකින් දුන් තීන්දුවක් පිළිගැනීමට මුදල් මණ්ඩලය බැඳී සිටින බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බවටත්,ඒ හරහා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයන් ද වගඋත්තරකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය දා චෝදනාවට ලක් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan