*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සොරකමට චෝදනා එල්ල වෙන මන්ත්‍රීවරු එළවන්න නීතියක් ගේන්න ඕනේ – ඇමති අමරවීර

කොළඹ LNW:කිසියම් මන්ත්‍රීවරයකුට සොරකම්, දූෂණ හා වංචා සම්බන්ධව චෝදනා එල්ල වන්නේ නම් විධිමත් පරීක්ෂණයකින් පසුව එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර පාර්ලිමේන්තුව මගින්ම අහෝසි කළ හැකි පරිදි නව නීති පාර්ලිමේන්තුව මගින්ම සකස් කළ යුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

මන්ත්‍රීවරුන්ගේ විනයගරුක භාවය ස්ථාපිත කිරීම සඳහා පත් කරන ලද නව කමිටුව මගින් ගෙන එන යෝජනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ භේදයෙන් තොරව සම්මත කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේ දී වත්මන් විපක්ෂ නායකයා වැනි විපක්ෂ නායකයෙක් දැක නොමැති බවද ඔහු සඳහන් කරයි.

අතීතයේ සිටි විපක්ෂ නායකවරුන් සැමවිටම රජය විසින් ක්‍රියාත්මක කරන හොඳ වැඩ වලට සහයෝගය දුන් නමුත් වත්මන් විපක්ෂ නායකවරයා ජනතා ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයකට සහයෝගය නොදෙන බවයි අමරවීර මහතා පවසන්නේ.

කතානායකවරයා ද විපක්ෂ නායකවරයා තම බලතල අයථා ලෙස භාවිතා කිරීම පාලනය සඳහා පියවර ගත යුතු බවත් හෙතෙම කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan