විධායකයට සහ සාගලට ඇමති රොෂාන්ගෙන් දැඩි චෝදනා

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසුවේ තමන් ජීවිත අවදානමකට මුහුණ පා සිටින බවයි.මේ තත්ත්වය මත ජීවිතයට හානියක් වුවහොත් ජනාධිපතිවරයා සහ සාගල රත්නායකට එහි වගකීම යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


එසේම ක්‍රිකට් ප්‍රශ්නය විසදීමට තමාට ඉඩ නොලැබුණොත් එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එය ස්ථීර ලෙසම විසඳන බව ද අමාත්‍යවරයා පැවසුවේ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කිරිමට ඉඩ නොදෙන බවට යම් ඉඟියක්ද මතු කරමින්ය.එසේම තමන්ට අයත් ව්‍යාපාරයක් වන යුරෝ නිපොන් රථ ගාලක තිබී හමු වූ බව කියන සුඛෝපභෝගි රථයක් එවැනි ස්ථානයකින් සොයාගෙන නොමැති බවත්,එයට තමන්ගේ හෝ යුරෝ නිපොන් ආයකනයේ සම්බන්ධයක් නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විවිධ අයගේ නම් දක්වමින් අමාත්‍යවරයා තමන්ගේ කතාව ඉදිරියට ගෙන යාමේදී තමන්ගේ නම සඳහන් කළ ප්‍රකාශයක් ගැන කරුණු දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් වී ඔහු එවැනි ප්‍රකාශයක් නොකළ බව පැවසීය.කව දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී යම් යම් අයගේ නම් පැවසීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ පියවරක් ගැනීමට සිඳුවන මට්ටමට පාර්ලිමේන්තුවේ තත්ත්වය පැමිණ ඇති බව ද මන්ත්‍රීවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටයි වැඩයි පාලනය කර ගන්න නොදන්න ගම්භීර්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: ගෞතම් ගම්බීර් තරමක ආන්දෝලනයට...

මතක තියා ගන්න මේක උන්ට ගිය රට නෙවෙයි – ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි!

කොළඹ LNW:සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු...

බංගලාදේශයට එරෙහිව ලද පළමු පරාජයේ අමිහිර විසින් ශ්‍රී ලංකාව තෙවන තැනට ඇඳ දමයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල්...

ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : අලුතින් සිතන, නව...