*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ලොව විශාලතම ගල් අඟුරු වරාය අවහිර කළාට 109 දෙනෙකු අත්අඩංගුවට

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පිහිටි ලොව විශාලතම ගල් අඟුරු වරාය දින දෙකක කාලයක් අවහිර කිරීම හේතුවෙන් 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දේශගුණික අක්‍රියතාවට විරෝධය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් වරායේ නැව් මංතීරුව අල්ලා ගැනීමට සිය ගණනක් ක්‍රියාකාර්ල්රීන් පිහිනමින් සහ එය අවහිර කරමින් සිට ඇති අතර , මෙම බාධාව හේතුවෙන් ගල් අඟුරු ටොන් මිලියන භාගයකට වඩා රටින් පිටවීම වැළැක්වූ බව බලධාරීන් මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාව ලොව දෙවන විශාලතම ගල් අඟුරු අපනයනකරු වන අතර එහි විදුලි අවශ්‍යතා පොසිල ඉන්ධන මත රඳා පවතින අතර , සිඩ්නි සිට දළ වශයෙන් කිලෝමීටර් 170 පමණ දුරින් පිහිටා ඇති නිව්කාසල් වරාය ගල් අඟුරු නැව්ගත කිරීම සඳහා රටේ වැදගත්ම පර්යන්තයද වේ.

සති අන්තයේ නැව් මංතීරුව පැය 30ක කාලයක් පුරා අවහිර කිරීමට ඕස්ට්‍රේලියාවේ 3,000ක් පමණ පිරිසක් සහභාගී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan