හරි එක මොකද්ද? හාර කෝටියක වෙනස ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අසයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යවරයාගේ විධි විධානවලට යටත්ව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් පාලනය කරන ජාතික ක්‍රීඩා අරමුදල,ශ්‍රී ලංකා ක්‍රිකට් ලබා දුන් රුපියල් මිලියන 289 ක ට ආසන්න මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දී ඇති වාර්තාව සහ මාධ්‍යයට නිකුත් කර ඇති වාර්තාව අතර පරස්පරයක් ඇති බවත්,මින් නිවැරදි කුමන වාර්තාව ද යන්නත් විමසා ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙන බව වාර්තා වෙනවා.

එම වාර්තා දෙකේ මිල ගණන් සංසන්දනය කරමින් කපුවත්ත ඉදිරිපත් කර වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඉහත සඳහන් වාර්තා දෙක සම්බන්ධයෙන් සළකා බලද්දී රුපියල් හාර කෝටි තිස් හතර ලක්ෂයක් ඉක්ම වූ පරස්පරයක් තිබෙන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම්වරයා පවසන්නේ තොරතුරු දැන ගැනීමේ පණත යටතේ තමන් විසින් ඉල්ලා සිටි තොරුතරුවලට අනුව ලබා දුන් වාර්තාවෙන් රුපියල් අට කෝටි එැට හත් ලක්ෂයකට වැඩි මුදලක් වියදම් කර තිබෙන බව දැකිය හැකි බවය.එහෙත් මාධ්‍යයට නිකුත් කර තිබෙන වාර්තාවේ දැක්වෙන්නේ රුපියල් තුන්කෝටි අනූ හය ලක්ෂයකට වැඩි මුදලක් වියදම් කර තිබෙන බව පෙන්වා දෙන කපුවත්ත මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබා දී ඇති මිලියන 289 ට වැඩි මුදල රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් බව ද පෙන්වා දෙයි.
ක්‍රිකට් ලේකම් වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැණුම් දෙන්නේ බැලූ බැල්මටම මෙම වාර්තා පරස්පර විරෝධී ලෙස පෙනෙන බැවින් නිවැරදිම වාර්තාව තමන්ට ලබා දෙන ලෙසය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...