සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මත්කුඩු ගෙනයන නව ක්‍රමයක් පිළිබඳ මොරගහහේන පොළීසිය විසින් අනාවරණය කරයි. ඒ අතෙහි බැඳ සිටින අත් ඔරලෝසු තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමය පිලිබඳවයි.
ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරු සැකපිට අත්අඩංගුවට සිදු කළ පරික්ෂාවේදී මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සදහන් කරයි
සැකකරු හොරයින් මත්කුඩු පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව, සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින්, ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය ගලවා සිදුකළ පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයා ගැනිමට හැකි වු බව පොලිසිය වැඩි දුරටත් පවසයි.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු මේ ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ ප්‍රදේශවලට බෙදා හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත.
සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක කළමනාකරු ලෙස සේවය කරන්නෙක් බවත් අණාවරණය වී අති අතර, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
