ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රුපියල් බිලියන 2.26ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි ඊයේ (26) දින සිදු කර ඇත.

ඊට සමගාමිව බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීම ද සිදු වූ අතර, සෞඛ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙතෙක් පළාත් මහ රෝහලක්ව පැවති බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමද සිදු වූ බවද වාර්තා වේ.

තව ද රෝහලේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩල ඇගයීමේ සම්මාන ද පිරි නමනු ලැබ ඇති බවද සඳහන් වේ.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ ඉදි කිරීම් කටයුතු වසර දෙකක් ඇතුලත එනම් 2025 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට නියමිතව ඇති බවද තොරතුරු වාර්තා වේ.

කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය ළමා රෝග වෛද්‍ය, ප්‍රසව හා නාරිවේද සහ මනෝ වෛද්‍ය විශේෂඥ අංශ මහාචාර්ය ඒකකයේ ස්ථාපිත කර වෛද්‍ය පාඨමාලා කටයුතු සඳහා ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අනුයුක්ත කිරීමට රජය මේ වන විට සැලසුම් කර ඇති බව සඳහන් වේ .

ශ්‍රී ලංකාවේ එකොලොස් වන වෛද්‍ය පීඨය බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කොට ඇති අතර, ‍මෙම වෛද්‍ය පීඨයට ඇතුලත් වන වෛද්‍ය සිසුන්ගේ උපාධි පාඨමාලා කටයුතු සඳහා මේ වන විට මහාචාර්ය ඒකකයක් නොමැති වූ බැවින් වත්මන් රජය මහාචාර්ය එකකයක් ඉදිකිරීමට ද තීරණය කර ඇති බව පැවසේ.

මෙම වෛද්‍ය පීඨයට පළමුවරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු 2024 ලබන වසරේ ‍පෙබරවාරි මස බඳවා ගැනෙන අතර, ඔවුන්ගේ 04 වන වසරේ අධ්‍යාපනික කටයුතු අවසන් කර මෙම නව මහාචාර්ය ඒකකය තුල අවසන් වසර අධ්‍යාපනික හා පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වාසය පල කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතික වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...