වැසී යාමට නියමිත රෝහල් ගැන ඇමති ගත්ත තීරණය!

Date:

කොළඹ LNW: දිවයිනේ ඇති වැසී යාමට ආසන්න රෝහල් යළි ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවා ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන අතර එම සාකච්ජාවේදී අනාවරණය වී තිබුණේ දිවයින පුරා රජයේ රෝහල් 40කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බවත් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමට ආසන්න බවටත්ය.

ඒ අනුව විශේෂ කමිටුවක් පත්කර රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් කඩිනමින් අනුයුක්ත කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කර ඇත.

වෛද්‍යවරුන් නොමැති වීමෙන් වැඩිම රෝහල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ උතුරු පළාත,පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්ක බවටද එහිදී හෙළිවී තිබේ.

මේ අතර වෛද්‍යවරුන් විදේශගතවීම, විශ්‍රාම යාම ස්ථාන මාරු ලැබීම යන කරුණු මීට හේතුවුවද ගැටලු කඩිනමින් විසඳා රෝහල්වලින් ලබාදෙන සත්කාරක සේවා පුළුල් කරන ලෙසට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...

නවීණ තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්වයේ ඩිජිටල් අත්දැකීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා...