දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න ශක්තිමත් අණ පනත් අවශ්‍යයි – සෞඛ්‍යයෙන් පරිසරයට ගිය ඇමති කෙහෙළිය කියයි

Date:

කොළඹ LNW:වර්තමාන දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට නම් රටක් වශයෙන් ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහ අණ පනත් අවශ්‍ය බව පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඒ සඳහා පරිසර අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය 2012 වසරේදී හඳුන්වා දී තිබෙන අතර වසර 11ක් පැරණි මෙම ප්‍රතිපත්ති වර්තමාන අභියෝගවලට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත්ව යාවත්කාලීන කරන බවද අමාත්‍යවරයා කියාසිටියේය.

එම ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ කටයුතු බාහොමයක් මේ වන විට අවසන් බවත් එය මෙම වසර අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වන බවද හෙතෙම පැවසීය.

එම ප්‍රතිපත්තිය සඳහා නෛතික රාමුවකුත් අවශ්‍ය බැවින් දේශගුණික විපර්යාස පිළිබඳ පනත් කෙටුම්පතක් සකස් කරන බවත් එම පනත ලබන වසර ආරම්භයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පැවසූ අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියේ වර්තමාන දේශගුණික විපර්යාස වලට මුහුණ දීමට ශක්තිමත් අණ පනත් අවශ්‍ය බවයි.

පරිසර සංරක්ෂණය සහ රටේ ආර්ථික සංවර්ධනය එකිනෙකට ගැටෙන අත්‍යාවශ්‍ය සංකල්ප දෙකක් වන අට්‍ර්හ බොහෝ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිසරය සමග නිරන්තරයෙන් ගැටීම් සිදු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් එම නිසා සංවර්ධනය නතර කිරීමට හෝ පරිසර සංරක්ෂණය නොකර සිටීමට නොහැකි යැයිද හෙතෙම පවසන ලදී.

හරිතාගාර වායු විමෝචනය අවම මට්ටමක පැවතියද ශ්‍රී ලංකාව දේශගුණික අවධානම් වලට ලක් විය හැකි රටක් හෙයින් එම දේශගුණික බලපෑම් කිසි විටෙකත් නොසලකා හැරිය නොහැකි බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ කටයුත්ත මේ වන විට සිදුවෙමින් පවතින අතර ඒ තුළින් කලාපීය රටවලට පමණක් නොව මුළු ලෝකයේම රටවලට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...