නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කලයුතුයි – හරීන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි. .

හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසූවේ, ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවයි.

අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්,

“මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, සියලුදනො එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගෙන එන්න උත්තසහා කරන්නට ඕනේ. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත වතාවක් හරවා ගෙන්න.” ලෙස කියා සිටියේය.

” අභියෝගයක් නම් එය භාරගත යුතුය. ඒ කිසිවෙකුට අභියෝග කරනු පිණිස නොවේ, රටට ජයග්‍රහණය ලබා දෙනු පිණිසය. ඒකායන අපේක්ෂාව එයයි. එකී අරමුණට ශක්තියක් වනු පිණිස ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නෙමි” යනුවෙන් ඔහු මෙම දිවුරුම් දීම පිළිබඳ සමාජ මාධ්‍ය වෙත සටහනක්ද තබා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...